(ජයන්ත නානායක්කාර)
ඌරුබොක්ක ගින්නලිය පාසල අසලදී අද (14) ත්‍රීරෝද රථයක් සහ බස් රථයක එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් කළ දස හැවිරිදි දැරියක් මියගොස් ඇයගේ මව සහ පියා ඌරුබොක්ක හීගොඩ රෝහලට ඇතුළත් කළ බව ඌරුබොක්ක පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ වලල්කැටිය මිද්දෙණිය පදිංචි දැරියකි.මියගිය දැරියගේ මව සහ පියා ඌරුබොක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත.
කොළඹ සිට ඌරුබොක්ක දක්වා ධාවනය වූ බස් රථය මාර්ගයේ වැරදි පැත්තෙන් අධික වේගයෙන් ගමන් කිරීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.
බස් රථයේ රියදුරා ඌරුබොක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් රථයක ත්‍රීරෝද රථයක් ගැටී දස හැවිරිදි දැරියක් මරුට
Jayanthagunawardena74 Friday, 14 December 2018 04:29 PM
මෙම බස් රථය අනතුරකින් ජීවිත දෙකක් අහිමි වෙලා අවුරුද්දක් වුනෙත් නෑ තවත් ජිවිතක් අහිමි වුනා. වරද කාගෙද? රථ රියදුරන් හිතාගෙන ඉන්නේ පාරේ රජ්ජුරුවෝ කියලා. කෙසේ නමුත් රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ට හොදට දැනුම ලබා දිය යුතුයි.විනය හොද මට්ටමකට රැගෙන ආයුතුයි.