(ජයන්ත නානායක්කාර)
ඌරුබොක්ක ගින්නලිය පාසල අසලදී අද (14) ත්‍රීරෝද රථයක් සහ බස් රථයක එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් කළ දස හැවිරිදි දැරියක් මියගොස් ඇයගේ මව සහ පියා ඌරුබොක්ක හීගොඩ රෝහලට ඇතුළත් කළ බව ඌරුබොක්ක පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ වලල්කැටිය මිද්දෙණිය පදිංචි දැරියකි.මියගිය දැරියගේ මව සහ පියා ඌරුබොක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත.
කොළඹ සිට ඌරුබොක්ක දක්වා ධාවනය වූ බස් රථය මාර්ගයේ වැරදි පැත්තෙන් අධික වේගයෙන් ගමන් කිරීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.
බස් රථයේ රියදුරා ඌරුබොක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම බස් රථය අනතුරකින් ජීවිත දෙකක් අහිමි වෙලා අවුරුද්දක් වුනෙත් නෑ තවත් ජිවිතක් අහිමි වුනා. වරද කාගෙද? රථ රියදුරන් හිතාගෙන ඉන්නේ පාරේ රජ්ජුරුවෝ කියලා. කෙසේ නමුත් රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ට හොදට දැනුම ලබා දිය යුතුයි.විනය හොද මට්ටමකට රැගෙන ආයුතුයි.