(ඩයනා උදයංගනී)
නිරිතදිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ පැවති ‘පේතායි’ වණ්ඩ සුළි කුණාටුව මේ වන විට මධ්‍යම බටහිර බෙංගාල බොක්ක ප‍්‍රදේශය දක්වා ගමන් කරමින් දිවයිනෙන් ඉවතට ඇදෙමින් පවතින අතර එය අද (17) සවස් කාලයේදී ආන්ද්‍රා ප‍්‍රදේශ් වෙරළ තීරයෙන් ඉන්දියාවට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් ඒ ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශවල තද වැසි හා ක්‍ෂණිකව පැයට කිලෝමීටර 80 ත් 90 ත් පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
එමෙන්ම අඟහරුවාදා (18) උතුරු දිග තමිල්නාඩු සහ ආන්ද්‍රා ප‍්‍රදේශ් මුහුදු ප‍්‍රදේශයන් හි ධීවර හා නාවික කටයුතු කිරීමෙන් වළකින ලෙස දැනුම් දීමක් කර තිබෙන බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd