දෙවලපොළ ලංකාදීප මාධ්‍යවේදී කීර්ති ප්‍රනාන්දුගේ වැඩිමහල් දියණිය වන බී. සඳුනි හංසිකා ප්‍රනාන්දු දැරිය බරපතල ස්නායු රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබමින් සිටී.
අවුරුදු 11ක් වූ මෙම දැරියගේ රෝගී තත්ත්වය නිසා ඇයට කතා කිරීමට සහ ඇවිද ගැනීමට නොහැකිවී ඇත.
රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීම ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ජිතාංගි නවිගසිංහ මහත්මිය යටතේ කෙරෙන අතර ඊට අමතරව ළමා රෝහලේ දී භෞතික චිකිත්සක ප්‍රතිකාර ලබාදීම ද සිදු කෙරේ.
මෙම රෝගී තත්ත්වයට ලබාදෙන බෙහෙත් ද ඉතා මිල අධිකය. සියලු ප්‍රතිකාර සඳහා මසකට රුපියල් 35,000 පමණ මුදලක් වැය වන බවත් ලැබෙන මාසික වැටුප මේ සඳහා ප්‍රමාණවත් නොවන බවත් දැරියගේ පියා වන මාධ්‍යවේදී කීර්ති ප්‍රනාන්දු මහතා පවසයි.
මේ වනවිට දරුවාට ලබාදෙමින් පවතින ප්‍රතිකාර නොවැරදිම ලබා දිය යුතු බවත්, එසේ නොවුනහොත් රෝගී තත්ත්වය බරපතල විය හැකි බවත් වෛද්‍යවරිය පවසයි.
බී. ටී. කේ. ප්‍රනාන්දු මිනුවන්ගොඩ ලංකා බැංකුවේ 3086029 ගිණුමට හෝ බී. ටී. කේ. ප්‍රනාන්දු මිනුවන්ගොඩ මහජන බැංකුවේ 021200100019919 යන ගිණුමට ආධාර බැර කළ හැක.
මාධ්‍යවේදී කීර්ති ප්‍රනාන්දු 077-5823200 හෝ 011-2297466 දුරකතන අංකවලින් වැඩි විස්තර දැනගත හැක.

2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දියණිය සුවපත් කර ගැනීමට මාධ්‍යවේදී පියා ආධාර පතයි