(සිතුම් චතුරංග)
ත‍්‍රීරෝද රථයකින් රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා කේරළ ගංජා කිලෝ එකයි ග‍්‍රෑම් 330 රැගෙන යමින් සිටි කාන්තාවක වවුනියාව පූන්තෝට්ටම් පොලිස් මාර්ග බාධකය අසලදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.
පොලිස් සංචාරක අංශයේ නිලධාරීන් පිරිසක් සැක කටයුතු ත‍්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමේදී එහි සිටි කාන්තාවකගේ අත්බෑගය තුළ තිබී කේරළ ගංජා තොගය සොයාගෙන තිබේ.
පොලිසිය පැවසූයේ සැකකාර කාන්තාව විසින් මුලතිව් සිට කේරළ ගංජා තොගය රැගෙනවිත් පූන්තෝට්ටම් ප‍්‍රදේශයේ සිටින කේරළ ගංජා ජාවාරම්කරුවකු වෙත ලබාදී මුදල් ලබාගැනීමට සූදානම්ව සිටි බවට තොරතුරු අනාවරණය විය.
මුලතිව් සිට වවුනියාවට පැමිණ ඇති සැකකාර කාන්තාව ත‍්‍රීරෝද රථයෙන් කුලී ගමනක් යන අයුරින් කේරළ ගංජා රැගෙන යමින් සිටි බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරි මුලතිව් පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd