(සිතුම් චතුරංග)
ත‍්‍රීරෝද රථයකින් රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා කේරළ ගංජා කිලෝ එකයි ග‍්‍රෑම් 330 රැගෙන යමින් සිටි කාන්තාවක වවුනියාව පූන්තෝට්ටම් පොලිස් මාර්ග බාධකය අසලදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.
පොලිස් සංචාරක අංශයේ නිලධාරීන් පිරිසක් සැක කටයුතු ත‍්‍රී රෝද රථයක් පරීක්ෂා කිරීමේදී එහි සිටි කාන්තාවකගේ අත්බෑගය තුළ තිබී කේරළ ගංජා තොගය සොයාගෙන තිබේ.
පොලිසිය පැවසූයේ සැකකාර කාන්තාව විසින් මුලතිව් සිට කේරළ ගංජා තොගය රැගෙනවිත් පූන්තෝට්ටම් ප‍්‍රදේශයේ සිටින කේරළ ගංජා ජාවාරම්කරුවකු වෙත ලබාදී මුදල් ලබාගැනීමට සූදානම්ව සිටි බවට තොරතුරු අනාවරණය විය.
මුලතිව් සිට වවුනියාවට පැමිණ ඇති සැකකාර කාන්තාව ත‍්‍රීරෝද රථයෙන් කුලී ගමනක් යන අයුරින් කේරළ ගංජා රැගෙන යමින් සිටි බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරි මුලතිව් පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 කාන්තාවකි.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංජා රැගෙන යමින් සිටි කතක් අත්අඩංගුවට