(ඉන්දිකා රාමනායක)
උත්සව කාලය තුළ දී මහා මාර්ග, පදික වේදිකා අවහිර වන සේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි වාහන නවතා තැබීමෙන් වළකින ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මෙලෙස නවතා තැබෙන වාහන ඉවත් කර රැගෙන යාමට සියලු පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙසේ රථ ගාල් කිරීමෙන් ප‍්‍රධාන නගර තුළ අනවශ්‍ය රථවාහන තදබදයක් නිර්මාණය වී මහජනයාට විශාල අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
පොලිසිය විසින් මෙලෙස ඉවතට රැගෙන යාමේ දී එහි වියදම රථයේ හිමිකරු විසින් දැරිය යුතු බවත් පොලිසිය වාහන ඉවත් කිරීමේ දී සද්භාවයෙන් යුතුව සිදු වූ හානියකට කිසිදු පොලිස් නිලධාරියකු අලාභ ගෙවීමකට යටත් නොවන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පදික වේදිකා අවහිර වන ලෙස නවත්වන වාහන පොලිසියෙන් ඉවත් කරන්න යයි
Raveendra Monday, 17 December 2018 03:57 PM
බොහොම හොද මෙන්ම වැදගත් ක්‍රියා මාර්ගයක්. ගැටලුව ඇයි උත්සව සමයේ විතරක් මෙය ක්‍රියාත්මක කිරීමට උනන්දු වන්නේ ? අනෙකුත් බොහෝ රටවල පදික වේදිකාවේ මහජනතාවට කරදර වන ලෙස කිසිවක් කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් .
sam Tuesday, 18 December 2018 01:01 AM
කාලෝචිත තීරණයක්. දියුණු රටවල් වල මෙය කෙරනවා. පොලිස් නිලධාරින් අලාභ ගෙවීමකට යටත් නොවන බව හොඳටම තහවුරු කොරොත් හොඳයි. නැත්නම් පස්සෙස් නඩු වැටෙන්න පුළුවන්.