(ඉන්දිකා රාමනායක)
උත්සව කාලය තුළ දී මහා මාර්ග, පදික වේදිකා අවහිර වන සේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි වාහන නවතා තැබීමෙන් වළකින ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මෙලෙස නවතා තැබෙන වාහන ඉවත් කර රැගෙන යාමට සියලු පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙසේ රථ ගාල් කිරීමෙන් ප‍්‍රධාන නගර තුළ අනවශ්‍ය රථවාහන තදබදයක් නිර්මාණය වී මහජනයාට විශාල අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
පොලිසිය විසින් මෙලෙස ඉවතට රැගෙන යාමේ දී එහි වියදම රථයේ හිමිකරු විසින් දැරිය යුතු බවත් පොලිසිය වාහන ඉවත් කිරීමේ දී සද්භාවයෙන් යුතුව සිදු වූ හානියකට කිසිදු පොලිස් නිලධාරියකු අලාභ ගෙවීමකට යටත් නොවන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොද මෙන්ම වැදගත් ක්‍රියා මාර්ගයක්. ගැටලුව ඇයි උත්සව සමයේ විතරක් මෙය ක්‍රියාත්මක කිරීමට උනන්දු වන්නේ ? අනෙකුත් බොහෝ රටවල පදික වේදිකාවේ මහජනතාවට කරදර වන ලෙස කිසිවක් කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් .
කාලෝචිත තීරණයක්. දියුණු රටවල් වල මෙය කෙරනවා. පොලිස් නිලධාරින් අලාභ ගෙවීමකට යටත් නොවන බව හොඳටම තහවුරු කොරොත් හොඳයි. නැත්නම් පස්සෙස් නඩු වැටෙන්න පුළුවන්.