IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අවි ජාවාරම්කරුවන් බවට සැකපිට යුද හමුදා සෙබළුන් දෙදෙනකු ඇතුළු අයෙක් අත්අඩංගුවට

(තිලකරත්න දිසානායක)
 
පාතාලයට අවි සැපයීමේ  ජාවාරම්කරුවන් බවට  සැක  කෙරෙන යුද හමුදාවේ  හිටපු සෙබළුන්  දෙදෙනෙකු ඇතුළු  තවත් අයෙකු  පිස්තෝලයක් සහ උණ්ඩ සමඟ  ගම්පහ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. 
 
මිනුවන්ගොඩ නුදුරු ප්‍රදේශයක වෙසෙන පුද්ගලයෙකු සතුව ගිනි අවියක් සහ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට පොලීසිය ලැබුණා තොරතුරක් අනුව යුද  හමුදාවෙහි සේවය කළ ආබාධිත තත්ත්වයෙන් පසුවන 42 හැවිරිදි  අයෙකු අත් අඩංගුවටගෙන ප්‍රශ්න  කිරීමෙන් පසුව ඔහුගේ නිවෙසෙහි තිබී මිලි මීටර්  7 . 65 ප්‍රමාණයේ පිස්තෝලයක් සහ ඊට යොදන ජීව උණ්ඩ පහක්ද සමග අත් බෝම්බයක අනුරූවක්  සොයා ගත් බව පොලීසිය පවසයි. 
 
සැකකරු ගෙන්  ප්‍රශ්ණ කිරීමෙන් පසුව ඔහුගේ සගයින් දෙදෙනෙකු බිංගිරිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති  අතර  අවුරුදු 35 වයසේ පසුවන මොවුන් දෙදෙනා ගෙන්  අයෙකුද යුධ හමුදා වෙහි  සිට ඇති  අයෙකු බවත්  හෙලිව තිබේ. 
 
මොවුන්  පිස්තෝලයක් සහ උණ්ඩ මෙලෙස ළඟ තබා ගෙන සිටීම පාතාලයට අවි සැපයීමක් බවට සැක කරන පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි. 
 
ගම්පහ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී සේනාපති සිල්වා මහතාගේ සහ ගම්පහ මුලස්ථාන පුලුන් පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතා ගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ධර්මසුරිය මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක සංගීත් ,උප  පොලිස් පරීක්ෂකවරුන් වන ආරියවංශ සහ ඖෂධ යන නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. 
 



අදහස් (0)

අවි ජාවාරම්කරුවන් බවට සැකපිට යුද හමුදා සෙබළුන් දෙදෙනකු ඇතුළු අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site