IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලක්ෂ 35 ක රන්බඩු සොරා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

(සමන් කාරියවසම්  සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පානදුර නගරයේ  ප‍්‍රසිද්ධ කෝටිපති වෙළඳ ව්‍යාපාරිකයෙකුගේ නිවසක් දිවා කාලයේ බිඳ රුපියල් ලක්ෂ තිස්පහක් වටිනා රන් පවුම් 55 ක ස්වර්ණාභරණ සහ මුදලින් රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක මුදලක් සොරකම් කළ 31 වියැති ටයිල් පෙදරේරුවෙක් මහනුවර අංකුඹුර ප‍්‍රදේශයේදී අද (17) අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.

පානදුර සුසන්ත මාවතේ පදිංචි එම වෙළඳ ව්‍යාපාරිකයා සහ ඔහුගේ පුත‍්‍රයා  නිවසෙන් බැහැරව ගිය අවස්ථාවකදී  මෙම සොරකම සිදුවී ඇති බව පොලිසිය පවසයි. 

එම වෙළෙඳ ව්‍යාපාරිකයා පානදුර දකුණ පොලිසිය වෙත කරනු ලැබු පැමිණිල්ලක් මත පානදුර පොලිසියේ අපරාධ අංශයේ නිලධාරිහු විසින් පරික්ෂණ ආරම්භ කෙරිනි. 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය එම නිවසට ආසන්නයේ දෙමහල් නිවසක ටයිල් ඇල්ලීමේ නිරතවු ගල්කිස්ස ප‍්‍රදේශයේ පදිංචි සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර  විමර්ශණයක් කර ඇත. 

වැඩිදුරටත් පොලිසිය සිදුකළ විමර්ශනයේදී සොයා ගත් තොරතුරු මත මහනුවර අංකුඹුර ප‍්‍රදේශයේ දි සැකකරුගේ සහෝදරියකගේ නිවසේ රැඳී සිටියදී සැකකාර පෙදරේරුවා  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථවේ ඔහු සන්තකයේ තිබී රන්මාලයක් , මුද්දක් සහ අත්පළඳනාවක් පැළඳගෙන සිට ඇති අතර ඔහු වත්පොහොසත් කම් ඇති පුද්ගලයෙකු ලෙස කාලය ගත කර ඇති අතර ඒ අවස්ථාවේ ඔහු සන්තකයේ තිබි රු.49,000/ක මුදලක්ද පොලිසිය විසින් සොයා ගෙන ඇත. 

සැකකරු කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසේ ජනෙලයකින් පැන අලවංගුවක් උපයෝගි කොට ගෙන ග‍්‍රිල් ගලවා ගෙට ඇතුලූ වී ඇතැයි පොලිසිය සිදු කල විමර්ශණ වලදි අනාවරණය වී ඇත. 
සොරකම සිදු වන විට ව්‍යාපාරිකයාගේ නිවසේ පවුම් 80 ක් තිබි ඇති අතර එයින් සොරාගෙන ඇත්තේ පවුම් 55ක් බව පොලිසිය පවසයි.  

තවදුරටත් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදි අගුලාන ගොලූමඩම හන්දියේ පිහිටි සැකකරු පදිංචි සුනාමි නිවාස සංකීර්ණයේ ඉඩමක කෙසෙල් පදුරක් යට වලලා දමා තිබු ස්වර්ණාභරණ සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත. 

සැකකරු සොරා ගන්නා ලද මුදල් වලින් දිනකට අරක්කු බෝතල් දෙකක් පානය කරමින් ඥාතින්ට සහ මිත‍්‍රයින්ට මුදල් වියදම් කරමින් කෙලි ලොලින් ජීවත් වී ඇතැයි. පොලිසිය පවසයි. 

සැකකරු මීට පෙරද සොරකම් කිහිපයකට සම්බන්ධව අධිකරණයෙන් වසර 2 1/2 ක් දඩුවම් ලැබ මීට දින කිහිපයකට පෙර නිදහස ලැබු භාරති රාජා නොහොත් ශිවා නමැති 31 වියැති අයෙකු බව පානදුර දකුණ පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසිය. 

අත්අඩංගුවට පත් වූ සැකකරුගෙන් වැඩිදුරටත් ප‍්‍රකාශ සටහන් කරගන්නා බවත් අද දිනයේදී සැකකාර පෙදරේරුවා අධීකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි. 

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි ලක්සිරි විජේසේන සහ සහකාර පොලිස අධිකාරි ෂ අසෝක විරක්කොඩි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පානදුර දකුණ පොලිසියේ ප‍්‍රධාන මූලස්ථාන පොලිස් පරික්ෂක තුෂාර ඉන්දික ද සිල්වා අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රෝහණ විජේරත්න සිල්වා උප පොලිස් පරික්ෂක සමීර, පොලිස් සැරයන් වරුන් වන 14247 රණසිංහ, 59368 රංජිත්, 39811 අබේසේකර, 21227 නවරත්න, පොලිස් කොස්තාපල් වරුන් වන 41126 ජයන්ත, 88245 මධුරංග, 79335 තුෂාර, 91160 ටිරෝෂන්, 79726 ලක්මාල්, කාන්තා පොලිස් සැරයන් 361 මැණිකේ, කාන්තා පොලිස් කොස්තාපල් 91 ගංගානි, 10500 අනුෂ්කා, 10515 කෞෂල්‍යා, පොලිස් කොස්තාපල් රියදුරු 91998 කසුන් වැඩිදුර පරික්ෂණ සිදු කරති.

 ( ඡායාරූප - සමන්  කාරියවසම් ) 

 



අදහස් (0)

ලක්ෂ 35 ක රන්බඩු සොරා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site