රොහාන් කුමාර
රඹුක්කන පොලිසිය අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් සිර මැදිරියෙන් පැන ගොස් ඇතැයි රඹුක්කන පොලිසිය කියයි.
මත්කුඩු භාවිතා කිරීම ළඟ, තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකුගෙන් ඊයේ (18) රාත්‍රී කටඋත්තර ගැනීම සඳහා සිරමැදිරිය ඇරීමේදී පොලිස් නිලධාරියාව තල්ලු කරමින් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් සිව් දෙනා පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.
පොලිස් නිලධාරීන් රඹුක්කන නගරය හා ඒ අවට සැකකරුවන් සිව්දෙනා සොයාගැනීම සඳහා සෝදිසි මෙහෙයුමක් කළ ද ඔවුන් සොයා ගැනීමට නොහැකි විය.
අද (19) විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ හා අවට සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය මගින් අවට පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බවත් ඔවුන්ගේ සහය ඇතිව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා රඹුක්කන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd