(රවින්ද්‍ර විරාජ් අබයසිරි සහ මහේෂ් රුවන් කීර්තිරත්න)
මාතලේ නගරයේ නුග ගහමුල බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇති වසර 500ක් පමණ ඉපැරණි නුග ගස මාතලේ මහ නගර සභාව විසින් කපා ඉවත්කිරිමට විරෝධය දක්වමින් එම නුග ගස ඉදිරිපිටදි විරෝධතාවක් අද (18) පැවැත්විණි.
මාතලේ නගරය සභාව මගින් මෙම නුග ගස ඉවත් කිරිම ආරම්භ කර ඇති අතර එය වළැක්විම සදහා මාතලේ මහනගර සභාවේ අවධානය යොමු කිරිම කෙරෙහි මෙම විරෝධතාව සංවිධානය කළ බව මාතලේ පරිසර හිතකාමි සංවිධානය සදහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතලේ නගරය කාන්තාරයක් වගේ, ඔය ගසෙන් නොවේ හැමතැනම නවතා ඇති වාහන ඉවත් කරන්න එයින් මුළු නගරයම අවහිර වෙනවා.
විල්පත්තුව මාදුරු ඔය තියෙන්නෙත් ලංකාවේ කියල මේ සංවිධායකයෝ දන්නේ නැතුව ඇති
කොන්ක්‍රීට් වනාන්තර කරන්න සුදානම