(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අල්ලස් මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී තුවාල සිදුකර පලායාමට උත්සහ කළ බව කියන සිවිල් ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගත්බව බම්බලපිටිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සිවිල් ඉංජිනේරුවරයා කැළණිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
තුවාල ලද පොලිස් කොස්තාපල් උදයසිරි සහ පොලිස් කොස්තාපල් ප්‍රේමලාල් යන මහත්වරු දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
බම්බලපිටිය පොලිස් වසම ආවරණය වන පරිදි රථ වාහන මෙහෙයුමක් පවත්වා ඇති අතර තුවාල ලද පොලිස් නිලධාරීන් දෙදෙනා සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු ඩුප්ලි කේෂන් පාරේ ශාන්ත මේරි විදුහල අසල රාජකාරියෙහි යෙදී සිට ඇතැයි පොලිසිය කියයි.
රථ වාහන මෙහෙයුමේදී මෝටර් රථයක් නැවතු පොලිස් නිලධාරීන් ඔහුගේ වාහන බල පත්‍රය ඉල්ලා ඇති අතර ඒ අවස්ථාවේ රියදුරු මත් පැන් පානය කර සිටි බව පොලිස් නිලධාරියෙකු පවසා ඇත.
මත් පැන් පානය කර ඇත්දැයි පරීක්ෂා කිරීමට යාමේදී සැකකාර රියදුරා පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීමට උත්සහ කර ඇත.
පොලිස් නිලධාරීන් එය ප්‍රතික්ෂේප කිරීම සමඟ උරන වූ රියදුරා ඔවුන් දෙදෙනාට පහර දී පලා යාමට උත්සහ කර ඇති බවත් පසුව සෙසු පොලිස් නිලධාරීන් එක්ව සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd