(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර හා වැලිගම නගරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නිසි ප්‍රමිතියකින් තොර කිරුම් මිනුම් උපකරණ භාවිත කරමින් වෙළදාමේ නිරත වූ වෙළඳුන් 30දෙනෙකු අත්අඩංගුවට ගත් බව මාතර දිස්ත්‍රික් මිනුම් ප්‍රමිති ඒකකය පවසයි.
උත්සව සමයේ වැඩි ලාභ උපයා ගැනීමේ අරමුණින් පාරිභෝගික ජනතාව මුලා කරමින් විවිධ ජාවාරම් ක්‍රියාත්මකවන බවට ලද තොරතුරු මත කළ වැටලීමේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
තහනම් කිරුම් මිනුම් උපකරණ, මුද්‍රා නොකළ තරාදි හා මීටර් කෝදු ද යොදා ගනිමින් ඔවුන් වෙළඳාමේ නිරත වී තිබේ.
මාතර කිංස්වත්ත, කුමාරතුංග මාවත හා වැලිගම නගරය ආදී ප්‍රදේශ ඉලක්ක කර ගෙන මෙම වැටලීම සිදු කර තිබුණි.
පෞද්ගලික බැඳුම්කර මත මුදා හැර ඇති වෙළදුන් 30 දෙනා ලබන මාසයේදී මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd