නාය අවදානමකින් රෝබේරිය වත්තේ පවුල් 20 ක් ඉවතට නායයෑමේ අවදානමක් මතුවීම හේතුවෙන් පස්සර මඩොල්සිම රෝබේරිය වතුයායේ දෙහිගල කොටසේ පදිංචි පවුල් 20 අද (27) එම වතු නිවාසවලින් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 27 December 2018
ලොරි අනතුරින් විශ්‍රාමික කොස්තාපල් මරුට ගාල්ල කොළඹ මහා මාර්ගයේ ඉදුරුවදී යතුරුපැදියක් ලොරි රථයක හැපීමෙන් යතුරුපැදිය ධාවනය කළ විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරයකු මිය ගොස් ඇතැයි කොස්ගොඩ පොලිසිය පවසයි. 27 December 2018
කාන්තා මළ සිරුරක් දොළ පාරකින් හමුවෙයි හොරණ කන්නවිල ප්‍රදේශයේ දොළ පාරක තිබී කාන්තාවකගේ මළ සිරුරක් අද (27) හමු වු බව හෙරණ පොලීසිය පවසයි. 27 December 2018
ප්‍රජා පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල ඇඳුම සොරාගත් 2ක් අත්අඩංගුවට කටුනායක පොලිසියේ ප්‍රජා පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිවසට ඇතුළු වී ඔහුගේ නිල ඇඳුම සොරාගෙන ගිය පොලිස් වෙස් ගත් කණ්ඩායමක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි. 26 December 2018
බූරුවා ගැසු 39 ක් අත්ඩංගුවට අරලගංවිල, පිඹුරත්තෑව ප්‍රදේශයේදී පිහිටි පෞද්ගලික ඉඩමක පවත්වාගෙන ගිය බූරුපොලක් වටලා මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි පුද්ගලයෝ 39 දෙනෙකු අද (26) සැකපිට අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි. 26 December 2018
සංවර්ධන නිලධාරියකු ලෙස පෙනී සිට මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට රාජ්‍ය නොවන සංවිධානයක සංවර්ධන නිලධාරියකු ලෙස පෙනී සිටිමින් විවිධ රැකියා, අඩු මුදලට ත්‍රිරෝද රථ සහ යතුරු පැදි ලබාදෙන බවට පවසමින් පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 28 ආසන්න මුදලක් වංචාකළ අයෙකු වවුනියාව නගරයේදී අද(26) අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 26 December 2018
බම්බලපිටිය නිවාස සංකීර්ණයෙන් මළ සිරුරක් සොයා ගනී බම්බලපිටිය රජයේ මහල් නිවාස සංකීර්ණයේ නිවසක දින කිහිපයකට ඉහතදී මියගිය පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි. 26 December 2018
වන අලියකුගේ පහරදීමකින් අනූ නවයෙන් දිවි ගලවා ගනි වන අලියකු පහරදීමකින් පුත්තලම මානවේරිය ප්‍රදේශයේ මාර්ගයක ධාවනය කරමින් තිබූ කුඩා ලොරි රථයකට දැඩි අලාභ හානි සිදුවී ඇතැයි වනජීවී නිලධාරීහු පවසති. 26 December 2018
කුණු කසළ නිසා සෞඛ්‍ය ගැටළු මතුව ඇතැයි හිගුරක්ගොඩ උද්ඝෝෂණයක් හිඟුරක්ගොඩ - මින්නේරිය යන නගරවල සහ අවට ගම්මාන රැසක දිනපතා එක් රැස්වන කුණු කසළ හිඟුරක්ගොඩ ප්‍රාදේශිය සභාව මගින් මින්නේරිය රොටවැව ප්‍රදේශයට ගෙනැවිත් බැහැර කිරීමට සහ පරිසර නීති රීති උල්ලංඝණය කරමින් පවත්වාගෙන යන විශාල ඌරු කොටු කිහිපයක් නිසා පරිසර හානියක් සිදු වන බව පවසමින් ගැමියෝ උද්ඝෝෂණයක් කළහ. 26 December 2018
මහලු කතක් සැකකටයුතු ලෙස මිය ගිහින් බුලත්සිංහල ගෝවින්න නිවසක සිටි වයෝවෘද්ධ කාන්තාවක් ගෙල කැපී සැක කටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයා ගත් බව පොලීසය පවසයි. 26 December 2018
මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අයෙක් අල්ලයි මාවනැල්ල හා ඒ අවට ඉදි කර ඇති බුදු පිළිම කැඩූ පුද්ගලයකු පොලීසියට කොටු කර දීමට මාවනැල්ල ප්‍රදේශවාසීන් අද (26) කටයුතු කර තිබේ. 26 December 2018
නිවසක ගංජා පැළ වගා කළ නවසීලන්ත ජාතිකයෙකු අත්අඩංගුවට වලහන්දුව සේනානායක මාවතේ නිවසක කාමරයක් තුළ වගාකර තිබූ ගංජා පැළ හතක් සමඟ නවසීලන්ත ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ නිවාරණ ඒකකය පවසයි. 26 December 2018
නත්තල් සමරන්න වෙන්නප්පු ගිය අයෙක් මරුට - අයෙක් අතුරුදන් නත්තල් සාදයකයට පැමිණ වයික්කාල කම්මල මුහුදේ නාමින් සිටි පස් දෙනෙකු දිය රලකට හසුවි ගසා ගෙන ගොස් ඇති බවත්, ඉන් සිව් දෙනකු බේරාගෙන රෝහල් ගත කළ බවත් වෙන්නප්පුව පොලිසිය කියයි. 25 December 2018
තේ කෝප්පයක් පෙරළී දැරියකට බරපතලයි තේ කෝප්පයක් සිරුරේ හැලීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු එක හමාරක දැරියක අද (25) සවස හයට පමණ මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබේ. 25 December 2018
පේරාදෙණියේ අපද්‍රව්‍ය ගැටලුව නිමාවෙයි පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් ඉවත් කරන සායනික අපද්‍රව්‍ය නිසි ක්‍රමවේදයන්ට අනුකුලව විනාස කිරිම සඳහා අද (25) ආයතනයක් ඉදිරිපත් විය. 25 December 2018
කැස්බෑ දඩයම නවත්වන්න කල්පිටියේ ජංගම සංචාර වැඩි කරයි කල්පිටිය මුහුදු තිරයේ කැස්බෑවන් දඩයම ඉහළ යාමත් සමඟ වන ජීවි නිළධාරින් හා නාවික හමුදාව එක්ව ජංගම සංචාර වැඩි කිරීමට කටයුතු කර ඇති බව කල්පිටිය වන ජීවි නිළධාරීහු පවසති. 25 December 2018
අ‘පුර පාසල්හි පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේදී අසාධාරණකම් වී ඇතැයි චෝදනා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති අංක 24 / 2018 චක්‍රලේඛය හේතුවෙන් අනුරාධපුර නගරයේ සහ ඒ පාසල් ආසන්නයේ වෙසෙන දරුවන් 300 කට අධික පිරිසකට ළඟම පිහිටි පාසැලට ඇතුළුවීමේ අවස්ථාව අහිමිවී ඇතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි. 25 December 2018
දේවාලයක කපුවෙකු බව අඟවමින් ගංජා අලෙවි කළ අයෙක් අත්අඩංගුවට දේවාලයක කපුවෙකු ලෙස පෙනී සිටිමින් මාතලේ හා අවට නගරවලට මහා පරිමාණයෙන් ගංජා අලෙවි කළ පුද්ගලයෙකු අද(25) සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි. 25 December 2018
පාතාල සාමාජිකයෙක් රත්මලානේදී අත්අඩංගුවට කප්පම් කල්ලියක් මෙහෙය වු බව කියන පාතාල සාමාජිකයෙකු අද (25) අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 25 December 2018
ගංජා මිශ්‍ර දුම් කුඩු විකිණූ ජාවාරම්කරුවන් 2ක් අත්අඩංගුවට බේරුවල ගබඩාගොඩ පහර ප්‍රදේශයේදී ගංජා මිශ්‍ර දුම් කුඩු මිලිග්‍රෑම් 4,000ක් සහ මිලිග්‍රෑම් 50,500ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. 25 December 2018
‘සේනා දළඹුවා‘ පලුගස්වැව බඩඉරිගු අක්කර 6000 ක් විනාශ කරලා සේනා, දළඹු ප්‍රහාරයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බඩඉරිඟු අක්කර 6000 කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශයට ලක් වෙමින් පවතින බව බඩඉරිඟු ගොවීහු පවසති. 25 December 2018
යතුරුපැදි - බස් අනතුරින් යතුරුපැදිකරු මරුට කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ බෝලවත්ත හන්දිය ආසන්නයේදී අද (25) උදෑසන යතුරුපැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටී යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි. 25 December 2018
හොරෙන් ගෙනගිය ගවයින් දමා සැකකරුවෝ පළා යති තිහගොඩ කපුදූව ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව සොරකම් කළ ගවයින් ප්‍රවාහනය කළ බව කියන ලොරි රථයකට අද (25) අලුයම වෙඩි තබා පසුපස ලුහු බැඳ ගොස් ලොරි රථය නවතා ගෙන ගවයින් 14 දෙනෙකු බේරා ගත් බව තිහගොඩ පොලීසිය පවසයි. 25 December 2018
කැස්බෑ බිත්තර 112ක් සමඟ අයෙක් අත්අඩංගුවට නාඔටුන්න - කොට්ටේගොඩ මුහුදු තීරයේදී කැස්බෑ බිත්තර 112ක් සමඟ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිස්ස වන ජීවි කාර්යාලය පවසයි. 25 December 2018
රිය අනතුරකින් පා පැදිකරුවෙක් මරුට ගාල්ල මාතර මහා මාර්ගයේ මිහිරිපැන්න ප්‍රදේශයේදී අද (25) අලුයම පාපැදියක ගැටී පාපැදිකරු මරුමුවට පත් කළ රියදුරෙකු පලා ගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 25 December 2018
පෑනක හැඩය ගත් පිස්තෝලයක් සමඟ අයෙක් අත්අඩංගුවට පෑනක හැඩය ගත් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟ 20 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය කියයි. 25 December 2018
පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කළ 4ක් අත්අඩංගුවට පොල්ලකින් පහර දී තරුණයෙකු ඝාතනය කළ බව කියන පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි. 25 December 2018
බදුල්ල - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැයක් ප්‍රමාදයි බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද(24) ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය පැයකට අධික කාලයක් පමාවීමත් සමඟ මගීහු දැඩි නොසන්සුන්තාවකට පත්වූහ. 24 December 2018
පොලිස් පරීක්ෂකවරයකුට පහර දුන් පුද්ගලයකුට පැන යාමට උදව් කළැයි කාන්තාවෝ 2ක් අත්අඩංගුවට කොම්පඤ්ඤවීදිය පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාට වෑකන්දපාර නිවසක් තුළදී බෝතලයකින් හිසට පහරදුන් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදී ඔහුට පලායෑමට සැලැස්සු කන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 24 December 2018
මෝටර් රියක් පසුපසට ධාවනය වී මාර්ගය සිටි මවක්-දියණියක් ඇතුළු 3ක් රෝහලේ හොරණ ව්‍යාපාරිකයෙකු සතු මෝටර් රථයක් අද (24) ව්‍යාපාරික සේවකයකු පණ ගැන්වීමේදී මෝටර් රිය පසුපසට ධාවනය වීම නිසා මාර්ගයේ ගමන්ගත් මවක, දියණියක ඇතුළු කාන්තාවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ පොලිසිය පවසයි. 24 December 2018
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025