හිරාන් ප්‍රියංකර ජයසිංහ
කල්පිටිය මුහුදු තිරයේ කැස්බෑවන් දඩයම ඉහළ යාමත් සමඟ වන ජීවි නිළධාරින් හා නාවික හමුදාව එක්ව ජංගම සංචාර වැඩි කිරීමට කටයුතු කර ඇති බව කල්පිටිය වන ජීවි නිළධාරීහු පවසති.
දින දෙකක් ඇතුලත කැස්බෑවන්ට දරුණු ලෙස තියුණු ආයුධවලින් පහරදී මරා දැමීමට උත්සහ කළ අවස්ථා දෙකක් වාර්තා වූ බවත්, ඒ සමඟ විශාල කැස්බෑවන් දෙදෙනෙකු ද හමුවූ බවත් කල්පිටිය වන ජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතා පැවසීය.
මරා දැමීමට උත්සාහ කළ කෑස්බෑවන් දෙදෙනා බේරාගත් වන ජීවී නිලධාරීහු ඔවුන්ට ප්‍රතිකාර කටයුතු සිදු කළහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd