IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘සේනා දළඹුවා‘ පලුගස්වැව බඩඉරිගු අක්කර 6000 ක් විනාශ කරලා

( කාංචන කුමාර ආරියදාස)

සේනා, දළඹු ප්‍රහාරයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බඩඉරිඟු අක්කර 6000 කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශයට ලක් වෙමින් පවතින බව බඩඉරිඟු ගොවීහු පවසති.

පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේනාදිරියාගම ආසිරිගම නාමල්පුර විශේෂෙන් හොරිවිල ගොවි කලාපය මෙම බඩඉරිඟු  වගා කොට  තිබේ. ගොවීන් පෙන්වා දෙන්නේ මෙන් කිසිදු කාලයක නොදැකපු සේනා නැමති දළඹු විශේෂය තම ගොවිබිම් ආක්‍රමණය කොට තිබෙන බවය.

හොරිවිල පාරම්පරික ගම්මානේ අක්කර  තුන්සීයකට අධික භූමි ප්‍රමාණයක පිහිටි බඩඉරිඟු වගාව සම්පූර්ණයෙන් ම පාහේ දළඹු ප්‍රහාරයට ලක්වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.

තම  වගාබිම ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ කෘමි නාශක වර්ග විශාල වශයෙන් යෙදවුවද මෙම සේනා නැමති දළඹු විශේෂය මර්දනය වීමක් දකින්නට නොමැති බව බඩඉරිඟු ගොවීහු කියති.

කෘෂිකර්ම නිලධාරීන් මෙම ප්‍රදේශයට පැමිණ සොයාබලා විවිධ කෘමිනාශක වර්ග නිර්දේශ කරන බවත් ඒවා යෙද වුවද මෙම සතුන්   මර්ධනය නොවීම හේතුවෙන් ඇතැම් බඩඉරිඟු වගාවන් මේ වනවිටත් අතහැර දැමූ බව බඩඉරිගු ගොවීහු පෙන්වා දෙති.

එක රැයකින් විශාල වශයෙන් මෙම ගස් ඔවුන්ගේ ආහාරයට ලක්වන බව ගොවීහු පෙන්වා දීම විශේෂත්වයකි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල මෙම සේනා දළඹු ප්‍රහාරයට ලක්ව තිබෙන බවත් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඒ අතරින් ඉහළ  ප්‍රහාරයට ලක්ව තිබෙන බව පෙන්වාදෙන ගොවීන් කියා සිටින්නේ වැඩිම බඩ ඉරිඟු වගාවක් සිදු කරන තම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම දළඹු විශේෂය මර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම බලධාරීන් ගේ සහයෝගය ලබාදෙන ලෙසයි.
 



අදහස් (0)

‘සේනා දළඹුවා‘ පලුගස්වැව බඩඉරිගු අක්කර 6000 ක් විනාශ කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site