(සමන් විජය බණ්ඩාර)
මාවනැල්ල හා ඒ අවට ඉදි කර ඇති බුදු පිළිම කැඩූ පුද්ගලයකු පොලීසියට කොටු කර දීමට මාවනැල්ල ප්‍රදේශවාසීන් අද (26) කටයුතු කර තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සමඟ තවත් අයෙකු මෙම ක්‍රියාවට සම්බන්ධව සිට ඇති අතර ඔවුන් මාවනැල්ල, රන්දිවෙල සහ මහත්තේගම මංසන්දි දෙකක ඉදි කර තිබූ බුදු පිළිම දෙකකට ද මීට පෙර හානි කර තිබුණි.
ඔවුන් අද (26) අලුයම කඩුගන්නාව මාවනැල්ල දිදුරුවත්තේ බුදු පිළිමයක් කඩද්දී ගම්වාසීන් ඉන් එක් තරුණයකු අල්ලා ඇති අතර අනෙක් පුද්ගලයා පැන දිව ගොස් ඇති බව පොලිසිය පවසයි.
අල්ලාගත් තරුණයාගේ එක් අතකට හානි සිදුවීම නිසා ඔහු මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
පලා ගිය සැකකරු සොයා මේ වන විට ප්‍රදේශයේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක වන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු පිළිමයකට හානි කිරීම පමණක් නොව ඕනෑම ආගමකට අයත් දෙයකට හානි කිරීම නිවටයන්ගේ, ගති ලක්ෂණයකි.