(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ගබඩාගොඩ පහර ප්‍රදේශයේදී ගංජා මිශ්‍ර දුම් කුඩු මිලිග්‍රෑම් 4,000ක් සහ මිලිග්‍රෑම් 50,500ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
සැකකරුවන් 33 හා 50 හැවිරිදි පුද්ගලයන් බව පොලිසිය පවසයි.
මහා පරිමාණයෙන් ගංජා මිශ්‍ර දුම් කුඩු ජාවාරමේ නිරත වූ තැනැත්තා පාසල් වයසේ ළමුන් ඉලක්ක කරගනිමින් මෙම දුම් කුඩු කුඩා පොලිතින් පැකට්වලට අසුරා අලෙවියට සූදානම් කර තිබූ බව ද පොලිසිය වැඩිදුරටත් කියා සිටී.
දුම්කුඩු ඇඹරීමට ගන්නා උපකරණ සහ පොලිතින් තොගයක් ද පොලිසිය බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd