(ඩී.කේ.රත්න)
නායයෑමේ අවදානමක් මතුවීම හේතුවෙන් පස්සර මඩොල්සිම රෝබේරිය වතුයායේ දෙහිගල කොටසේ පදිංචි පවුල් 20 අද (27) එම වතු නිවාසවලින් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම ප‍්‍රදේශයට ඇදහැලූණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ මෙම වතු නිවාසවලට ඉහළින් ඇති කඳුවැටියේ ගල් කුට්ටි සහ පස් කොටස් කඩා වැටීම නිසා අවදානමක් මතුවීමෙන් මෙම පවුල් ඉවත් කර තිබේ.
මෙසේ ඉවත් කළ පවුල් 20 ට අයත් සාමාජිකයින් 128 දෙනෙකු මේ වන විට රෝබේරිය වතුයායේ පල්ලියේ අවතැන් කඳවුරක නතර කර ඇත.
බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා බිබිල සහ ලූණුගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මේ පිළිබඳව සොයා බලයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd