(ඩී.කේ.රත්න)
නායයෑමේ අවදානමක් මතුවීම හේතුවෙන් පස්සර මඩොල්සිම රෝබේරිය වතුයායේ දෙහිගල කොටසේ පදිංචි පවුල් 20 අද (27) එම වතු නිවාසවලින් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම ප‍්‍රදේශයට ඇදහැලූණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ මෙම වතු නිවාසවලට ඉහළින් ඇති කඳුවැටියේ ගල් කුට්ටි සහ පස් කොටස් කඩා වැටීම නිසා අවදානමක් මතුවීමෙන් මෙම පවුල් ඉවත් කර තිබේ.
මෙසේ ඉවත් කළ පවුල් 20 ට අයත් සාමාජිකයින් 128 දෙනෙකු මේ වන විට රෝබේරිය වතුයායේ පල්ලියේ අවතැන් කඳවුරක නතර කර ඇත.
බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා බිබිල සහ ලූණුගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මේ පිළිබඳව සොයා බලයි.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාය අවදානමකින් රෝබේරිය වත්තේ පවුල් 20 ක් ඉවතට