(තරංග ගුණරත්න)
නාඔටුන්න - කොට්ටේගොඩ මුහුදු තීරයේදී කැස්බෑ බිත්තර 112ක් සමඟ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිස්ස වන ජීවි කාර්යාලය පවසයි.
සැකකරු නාඔටුන්න ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.
මිරිස්ස වන ජීවි කාර්යාලයේ නිලධාරීන් රාත්‍රී මුර සංචාරයේ යෙදෙමින් සිටියදී මෙම කැස්බෑ බිත්තර අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව එම කාර්යාලය පවසයි.
සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd