(සුමතිපාල දීයගහගේ)
නීති විරෝධි ලෙස මෙරට නිශ්පාදිත බෙහෙත් කොටන තුවක්කු දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය පවසයි.
කතරගම තෙලඹුගහ ගලහිටිය ප්‍රදේශයේදී නීති විරෝධි තුවක්කුවක් සමග 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කතරගම සෙල්ලකතරගම අක්කර විස්ස ප්‍රදේශයේදී 24 හැවිරිදි තරුණයෙකු නීති විරෝධි තුවක්කුවක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් දෙදෙනාම රැකියාවට ගොවිතැන් කරන පුද්ගලයින් බවද පරීක්ෂණවලදී අනාවරනයවී තිබේ.
නීති විරෝධි ගිනිඅවි සමග සැකකරුවන් අද (22) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
කතරගම පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd