(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලංගම, තලවතුගොඩ, කලල්ගොඩ ප්‍රදේශවල කළ වැටලීම් දෙකකින් විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
මොවුන් මෙම ජීව අත්බෝම්බ තබාගෙන සිටියේ කිසියම් අපරාධයක් සිදුකිරීමට යැයි පොලිසියි සැක කරයි.
අත්අඩංගුවට පත් පුද්ගලයෝ දෙදෙනා අවුරුදු 54 හා 33 යන වියේ පසුවන හේනමුල්ල හා දෙපානම පදිංචිකරුවෝය.
සැකකරුවන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd