IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හැටන් දුම්රිය ස්ථානයේ පාර්සල් බාර නොගැනීමෙන් සේවාදායකයින් අසීරුතාවක

 ( හැටන් රංජිත් රාජපක්ෂ )                    

හැටන් දුම්රිය ස්ථානයේ පාර්සල් අංශයෙන් දින  කිහිපයක සිට සේවාදායකයින්  විසින් දුම්රියෙන් භාණ්ඩ ප්‍රවහනය කිරීම සදහා භාර දෙන කිසිදු භාණ්ඩයක් බාර නොගැනීම හේතුවෙන් සේවාදායකින්  දැඩි අසිරුතාවයට පත් වි ඇත.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට දුම්රිය මගින් තේ කොළ, මල්වර්ග  සහ තවත් භාණ්ඩ කිහිපයක් ප්‍රවහනය සදහා භාරදෙන අතර එම භාණ්ඩ දුම්රිය මගින් ප්‍රවහනය කිරිම තුලින් ද්‍රුම්රිය දෙපාර්තුමේන්තුවටද අමතර  විශාල ආදායමක් ලැබෙන බවයි සේවාදායකයෝ පවසති.

හැටන් දුම්රිය ස්ථානයේ මිට දින කිහිපයකට ඉහත දුම්රියෙන් ප්‍රවහනය කිරිමට භාරගත් භාණ්ඩ රැසක් එම දුම්රිය ස්ථානයේ පාර්සල් අංශයේ ගොඩගසා තිබෙන අයුරු දක්නට  ලැබේ.

එම භාණ්ඩවලින් විනාශ විමේ  අවදානමකට ලක් විය හැකි භාණ්ඩ ආපසු රැගෙන යන ලෙසට එම භාණ්ඩ භාර දුන් සේවාදායකයින්ට දැනුම් දුන් බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු  පැවසීය.

හෙටට (25) යෙදෙන නත්තල් දිනය වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට දුම්රිය මගින් බලපත්‍රයක් සහිත නත්තල් ගස් සහ මල් ප්‍රවහනය කරන අතර, දුම්රිය ස්ථානවල පාර්සල් අංශය මගින් භාණ්ඩ භාර නොගෙනිම නිසා නත්තල් සමයේ භාණ්ඩ ප්‍රවහනය සදහා භාරදෙන සේවාදායකයන්ද දැඩි අසිරුතාවයට පත් වි ඇත.

හැටන් දුම්රිය ස්ථානයෙන් පාර්සල් අංශයෙන් භාණ්ඩ භාර නොගෙනිම සම්බන්ධයෙන් අප හැටන් දුම්රිය  ස්ථානයේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය නියාමකයන් අතර ඇති වි ඇතැයි කියන රජකාරි මට්ටමේ මත භේදයක් නිසා දුම්රිය නියාමකයන් දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ලබාදෙන භාණ්ඩ බාර නොගැනීමෙන් මෙම ගැටළුව මතුව තිබේ.

පවත්නා තත්ත්වය හේතුවෙන් දිවියිනේ සියළුම දුම්රිය ස්ථාන වල මෙම ගැටළුකාරි තත්ත්වය පැන නැගි ඇති  බවත් වාර්තා වේ. 



අදහස් (0)

හැටන් දුම්රිය ස්ථානයේ පාර්සල් බාර නොගැනීමෙන් සේවාදායකයින් අසීරුතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site