IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මඩොල්සිය නාය අවදානම පහව යයි : ගම්මු යළි නිවෙස් වලට

නිශාන්ත කුමාර 
 
නායයාමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් සිය  නිවාස හැර ගොස් තාවකාලික කඳවුරුවල  පදිංචිව සිටි මඩොල්සිම දෙහිගල වතුයායේ ජනතාව අද (30) උදෑසන සිට යළි සිය නිවෙස්වල පදිංචියට පැමිණෙමින් සිටින බව  මඩොල්සිම පොලිසිය පවසයි.


වර්ෂාව අඩු වීමත් සමඟම ප්‍රදේශය තුළ පැවති නායයාමේ අවදානම් තත්ත්වය මේ වන විට පහව ගොස් ඇතැයි ද පොලීසිය පවසයි.


බිබිල ප්‍රාදේශීය ලේකම්වරයා,  සහ මඩොල්සිම  පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු පිරිසක්  එහි ගොස් ප්‍රදේශයේ තත්වය පරීක්ෂා කිරීමෙන් පසුව නිවාස හැරගොස් සිටි ජනතාවට යළි සිය නිවෙස් කරා යාමට අවසර දී තිබේ.


ප්‍රදේශයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ දෙහිගල වතුයායේ  නිවාස වලට ඉහළින් පිහිටි කඳු වැටියේ ගල් කුට්ටි හා පස් කොටස් කඩා වැටීමේ අවදානමක් ඇතිවිය.


ඒ හේතුවෙන් ඉකුත් 27 වැනි දා එම ප්‍රදේශයේ පවුල්  20 ක   සාමාජිකයින්   128 දෙනෙකු පමණ  ඔවුන් පදිංචි  නිවෙස් වලින් ඉවත් කර රෝබේරිය  ප්‍රදේශයේ දේවස්ථානයක තාවකාලිකව නතර කරනු ලැබිණි.
   



අදහස් (0)

මඩොල්සිය නාය අවදානම පහව යයි : ගම්මු යළි නිවෙස් වලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site