(සුමතිපාල දීයගහගේ)
හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 740 ක් සහ රුපියල් 44010 ක් සමග සැකකාර කාන්තාවක් අහුංගල්ල වැලිකන්දේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය ළග තිබූ රුපියල් 44010 හෙරොයින් ජාවාරම් කිරීමෙන් ගත් මුදල් බවද අනාවරණයවී තිබේ. 39 හැවිරිදි මෙම කාන්තාව කලක සිටම හෙරොයින් ජාවාරම කර ගෙන ගොස් ඇතැයිද පොලිසිය පැවසීය.
පොලිසියට ලැබුණ තොරතුරක් මත දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකාරියගේ නිවස වටලා හෙරොයින් සමග ඇය අත්අඩංගුවට ගෙන ඇත. හෙරොයින් සමග සැකකාරිය අද (29) බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd