(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව, ගිරිතලේ - දියබෙදුම මාර්ගයේ එකේ කණුව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි කණුවක හැපීම නිසා සිදුවූ අනතුරක් හේතුවෙන් ඔවුන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගතකිරීමෙන් අනතුරුව අද (29) අලුයම යතුරුපැදිකරු මරුමුවටපත්වී ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
ඒ අනතුරින් මියගොස් ඇත්තේ දියබෙදුම, ගිරිතලේපාර, 05 කණුව පදිංචි කුරිගහගෙදර අසංක සනත් ජයසේකර නැමැති 27 හැවිරිදි අයෙකි.
අනතුර සිදුව ඇත්තේ ඊයේ (28) රාත්‍රී 7.00 ට පමණය.
මින්නේරිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd