(දයාරත්න ඇඹෝගම)
රජරට විශ්ව විද්‍යාලයේ පංති තහනම් කර ඇති සිසුන් 16 දෙනාගේ පංති තහනම ඉවත් කරන ලෙසට ඉල්ලා සිසුහු අද (27) සරසවි භූමියේදී උද්ඝෝෂණයක නිරත වූහ.
මෙසේ පන්ති තහනමට ලක්ව සිටියේ රජරට සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ලහිරු සංජිව සිසුවා ඇතුළු සිසුන් 16 කි.
සරසවි භූමියේ පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව සිසුහු මේ වන විට විට පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට රැඳී සිටිති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජරට විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදිප් ප්‍රේමලාල් සිසුවා මෙසේ පැවසීය.
‘‘සිසුන් 16 දෙනෙකුගේ පංති තහනම් කරලා දැන් වසරකටත් වැඩියි. මේ සම්බන්ධයෙන් විසදුමක් ලබා දෙන ලෙස අපි උපකුලපතිතුමාගෙන් ඉල්ලා සිටියා. මේ වනතුරු විසඳුමක් ලැබුනේ නැහැ.
මේ සම්බන්ධයෙන් අපි අද (27) දින උපකුලපතිතුමා හමුවී සාකච්ඡාවක් ඉල්ලුවා. එතුමා කියනවා සිසුන් 12 දෙනෙකු සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා කළ හැකියි කියලා. අපි ඉල්ලා සිටින්නේ පංති තහනම් කළ සිසුන් 16 දෙනාගේම පංති තහනම ඉවත් කර දෙන ලෙසයි."
විසඳුමක් ලැබෙන තෙක් තමන් පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට රැඳී සිටින බවද ප්‍රදිප් ප්‍රේමලාල් සිසුවා වැඩිදුරටත් පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ කිසිදු වරදක් නොකළ මුළු ලෝකෙම තිබෙන දැනුම දන්නා කුරාකුබියෙකුටවත් වරදක් නොකරන සහ නොකළ අහිංසක දරුවන් 16 දෙනාගේ පන්ති තහනම් කලේ කව්ද ??? කිසිවකුට වරදක් නොකළ මේ අහිංසකයන්ව හැකි ඉක්මනින් නැවතත් බාලාංශ පන්තියකටවත් යවන මෙන් අදාළ බරධරින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. එමෙන්ම මෙම දරුවන්ට මෙසේ දඩුවම් කල නුගත් ආචාර්ය, මහාචාර්යවරුන් වහාම තනතුරුවලි නෙරපා දැමිය යුතුය.මක්න්නිසාදයත් සියල්ල දත් මෙම අහිංසක දරුවන්ගේ පන්ති තහනම් කර ඇත්තේ නුගත් ගුරු බවතුන් පිරිසක් බැවිනි . " අන්තරේ ඉන්නා අන්දරේලා " හැකි ඉක්මනින් මේ උගත් බුද්දිමත් දරුවන් 16 දෙනා බේරා ගැනීමට දිවිහිමියෙන් කටයුතු කල යුතුමය.ඕනෑම උදව්වකට රතු මලයලා පසුපසින් සිටින බැවින් බිය නොවන්න .