IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


හක්කපටස් ආහාරයට ගැනීමෙන් මුඛය තුවාල වී සිටි අලි පැටවකු මියයයි

(කුෂාන් ජයවර්ධන)

හක්කපටස් ආහාරයට ගැනීමෙන් මුඛයේ ඇති වූ බරපතළ තුවාල හේතුවෙන් දින ගණනක් පුරා ආහාර හා ජලය ගැනීමට නොහැකිව සිටි වල් අලි පැටවකු දැඩි කුසගින්න හා ඇතිවූ විජලන තත්ත්වය හේතුවෙන් අද (28)  බලලුවැව ඉස්මත්තේදී මිය ගියේය.

වනජීවී පශු වෛද්‍ය ප‍්‍රතිකාර ලබමින් සියදී මිය ගිය එම අලි පැටවාගේ වයස අවුරුදු 10ක් පමණ වන අතර මෙලෙස මිය ගියේ කහල්ල පල්ලේ කැලේ අභය භූමියේ සිටි වල් අලි පැටවෙකි. පලාගල මහ හෙට්ටියාව බලලූවැව ඉස්මත්තේදී එම අලි පැටවා මිය ගොස් තිබිණ.

මින් දින කිහිපයකට පෙර හක්කපටස් ආහාරයට ගැනීමෙන් මුඛයේ ඇති වූ බරපතළ තුවාල සහිතව සිටි එම අලිපැටවා ඉකුත් දින කිහිපයේ කන්දේගම, කරවිලගල, බමුණුගම, පලාගල, හෙට්ටියාව ආදී ප‍්‍රදේශවල සැරිසැරීය.

එම අතරතුරදී වයඹ වනජීවි කලාපයේ නිකවැරටිය වනජීවි පශූ වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුලු වනජීවී නිලධාරීහු එම අලි පැටවාගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීමට කටයුතු කළහ.

මිය ගිය අලි පැටවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය වයඹ වනජීවී කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් අද පැවැත්වීය. හක්කපටස් ආහාරයට ගැනීමෙන් අලි පැටවාගේ දිව හා මුඛයේ අස්ථී කුඩුවී යාමෙන් මුඛයට බරපතල හානි සිදුවීමෙන් ඇතිවූ තත්ත්වය මත දින කිහිපයක් ආහාර ගැනීමට නොහැකිව සිට එම අලි පැටවා ඇති වූ කුසගින්න හා විජලන තත්ත්වය මත මරණයට පත්ව ඇති බව පශුවෛද්‍ය ජයසිංහ මහතා පැවැසීය.

මිය ගිය අලිපැටවාගේ සිරුර බැකෝ යන්ත‍්‍රයක් යොදා ගනිමින් බලලුවැව ඉස්මත්තේදී මිහිදන් කිරීමට ප‍්‍රදේශය භාර ග‍්‍රාම නිලධාරීවරයා හා ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීහු එක්ව කටයුතු කළහ.

හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් මෙම වසරේ ගල්කිරියාගම වනසත්ව අඩවියෙන් වාර්තා වූ දෙවන අලි මරණය මෙය වේ.

 



අදහස් (0)

හක්කපටස් ආහාරයට ගැනීමෙන් මුඛය තුවාල වී සිටි අලි පැටවකු මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31990 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14445 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11226 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 280 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1227 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site