රොමේෂ් මධුෂංඛ
මුලතිව් දිස්ත්‍රික්කයට බලපෑ අධික ගංවතුර තත්වය හේතුවෙන් කැඩී ගිය මුලතිව් උදයාර්කට්ටුකුලම් වැවේ වාන් යුද හමුදා සෙබලුන් විසින් පිළිසකර කිරීම අද (27) සිදුකරමින් සිටියි.
මේ අනුව වර්ෂාව හා ගංවතුර හෙතුවෙන් මුලතිව්හි කැඩී ගිය කයිවේලි මරඳමඩු වැව, සින්නසම්බාල්කුලම් වැව, කල්ලුකුලම් වැව ඇතුළු කුඩා වැව් කිහිපයක් නැවත පිළිසකර කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරමින් සිටියි.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ පූර්ණ අධීක්ෂණයන් යටතේ 68 වැනි සේනාංකයට අයත් බලසේනාවන් විසින් කැඩී ගිය වැව් පිළිසකර කිරීම ආරම්භ කර ඇත.
ගංවතුර හේතුවෙන් මේ වන විටත් මුලතිව් දිස්ත්‍රීක්කයේ ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු, තුනුක්කායි, මැරටියන්පත්තු, මාන්තෙයි නැගෙනහිර, වැලිඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 8282 කට අයත් පුද්ගලයින් 26,815 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූරණ නිවාස හානි 85ක් හා අර්ධ නිවාස හානි 1754ක් වාර්තා වී ඇත.



2025 දෙසැම්බර් මස 18
283
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යුද හමුදාව මුලතිව්හි කැඩුණු වැව් හදයි