IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සේනා දළඹු හානිය වී වගාවටත්

(ක.ග. කරුණාරත්න)
 
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බඩ ඉරිගු වගාවේ පමණක් මෙතෙක් දක්නට තිබූ සේනා දළඹු හානිය මේ වනවිට වී වගාවට ද ව්‍යාප්ත වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.


පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ගොවි ජනපද ව්‍යාපාරයට අයත් සිංහපුර ප්‍රදේශයේ මෙවර මාස් කන්නයේ කරන ලද වී වගාවක සේනා දළඹු හානිය තිබෙන බවට ප්‍රථම වරට පැමිණිලි ලැබිණි.


ඒ අනුව අද (27) දිනයේ කෘෂිකර්ම උපදේශකවරුන් ඇතුළු තම නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඒ ක්ෂේත්‍රයේ වී වගාව පරීක්ෂා කර බැලීමේදී එය තහවුරු වූ බව පොළොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක ආර්.පී. උපාලි මහතා ප්‍රකාශ කළේය.


දැනට භාවිත කරනු ලබන කෘමිනාශක වර්ග කිසිවකට සේනා දළඹුවා මර්දනය කිරීමට නොහැකි වී ඇති හෙයින් අලුතින්ම ව්‍යාපෘති පෙන්නුම් කරන වී වගාව සේනා දළඹු හානියෙන් බේරා ගැනීම විශාල අභියෝගයක් වන බවද ඒ මහතා කීය.


කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අන්දමට සේනා දළඹු හානිය මෙරට වී වගාවේ ව්‍යාප්ත වීම ප්‍රථමයෙන් වාර්තා වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙනි.



අදහස් (1)

සේනා දළඹු හානිය වී වගාවටත්

sarath-mahanuwara Friday, 28 December 2018 02:06 AM

කෘෂිකර්මේ ඉන්න අය මොනවද කරන්නේ, මේ ලෙඩේ ව්‍යාප්ත වෙන්න පටන්ගෙන ගොඩක් කල්. තවම ගොවින් හරියට දැනුවත් කරලා නැහැ. කෘෂිකර්ම උපදේශක හිටියත් මහනුවර අවට ගොවියන් විස්තර දන්නේ නැහැ? ලංකාවම වගාවන් වැනසිලා යනකල් ද ඉන්නේ? කන්න දෙකක් වගා නොකර ඉඳල අපිත් අමාරුවෙන් හදාගත්ත කුඹුරු ටික බෙරලා දෙන්න කෘෂිකර්ම ඇමති ට උනන්දුවක් නැතිද ? බොරුවට ආණ්ඩු පෙරලමින් ඉන්න වැඩක් නොකරන රටක් මේක....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site