(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
තලවාකැලේ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පළට පිටුපසින් පිහිටි සිල්ලර භාණ්ඩ වෙළඳසලක අද (30) අලුයම හටගත් හදිසි ගින්නකින් වෙළඳසැල සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්වී ඇති බව පොලිසිය පවසයි.
තලවාකැලේ පොලීසිය, නගරවාසීන් සමඟ එක්ව ගින්න පැතිරයාම වළක්වා නිවා දමා ඇත.
කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති අතර ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලීසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් තලවාකැලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd