IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගුවන් තොටේ ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ දිගු පෝලිම්

(ටී.කේ.ජී.කපිල )
 
                     
කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කටයුතු කාර්යක්ෂම සහ කඩිනමින් සිදු කිරීම සඳහා අලුතින් ස්ථාපිත කර ඇති පරිගණක සහ ගුවන් ගමන් බලපත්‍ර ස්කෑන් කිරීමේ යන්ත්‍ර නිසා , පෙරට වඩා කාලය තුන් ගුණයකින් පමණ වැඩි වී ගුවන් තොටුපළ තුළ ගුවන් මගීන්ගේ දිගු පෝලිම් ඇති බව වාර්තා වේ.
 
මෙම පරිගණක යන්ත්‍ර 50 ක් පමණ සහ මෙම ස්කෑනර් යන්ත්‍ර 50 ක් පමණ මේ වසරේ දෙසැම්බර් මස 01 දා සිට සවි කර ඇති අතර , එදා සිටම මෙසේ දිගු පෝලිම් ඇති වී දක්නට ලැබීම සුලභ දසුනක් වී තිබේ .
 
සෑම වසරකම නොවැම්බර් මාසයේ සිට අනෙක් වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් පැමිණීමේ කාලය වී ඇති බැවින් මෙම තත්වය තවත් උග්‍ර වී තිබේ.
 
මේ තත්ත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් දැඩි ලෙස වෙහෙසට පත් වී ඇති අතර , ඔවුන් සිය දෛනික රාජකාරී  සඳහා පැමිණීමට ද අදි මදි කරන තත්වයක් ද උදා වී ඇති බවද වාර්තා වේ.



අදහස් (0)

ගුවන් තොටේ ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ දිගු පෝලිම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site