(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ කටයුතු කාර්යක්ෂම සහ කඩිනමින් සිදු කිරීම සඳහා අලුතින් ස්ථාපිත කර ඇති පරිගණක සහ ගුවන් ගමන් බලපත්‍ර ස්කෑන් කිරීමේ යන්ත්‍ර නිසා , පෙරට වඩා කාලය තුන් ගුණයකින් පමණ වැඩි වී ගුවන් තොටුපළ තුළ ගුවන් මගීන්ගේ දිගු පෝලිම් ඇති බව වාර්තා වේ.
මෙම පරිගණක යන්ත්‍ර 50 ක් පමණ සහ මෙම ස්කෑනර් යන්ත්‍ර 50 ක් පමණ මේ වසරේ දෙසැම්බර් මස 01 දා සිට සවි කර ඇති අතර , එදා සිටම මෙසේ දිගු පෝලිම් ඇති වී දක්නට ලැබීම සුලභ දසුනක් වී තිබේ .
සෑම වසරකම නොවැම්බර් මාසයේ සිට අනෙක් වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් පැමිණීමේ කාලය වී ඇති බැවින් මෙම තත්වය තවත් උග්‍ර වී තිබේ.
මේ තත්ත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් දැඩි ලෙස වෙහෙසට පත් වී ඇති අතර , ඔවුන් සිය දෛනික රාජකාරී සඳහා පැමිණීමට ද අදි මදි කරන තත්වයක් ද උදා වී ඇති බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd