(කටුනායක ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (29) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු නාත්තන්ඩිය , ඉහළ කොට්ටාරමුල්ල ප්‍රදේශයේ පදිංචි , 20 හැවිරිදි ව්‍යාපාරික තරුණයෙකි .
ඔහු අද (29) උදෑසන 6.00 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 547 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී ,
රේගු නිලධාරීන් විසින් ඔහුගේ ගමන් මල්ලේ සගවා ගෙන තිබූ මෙම දුම්වැටි තොගය සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
එහි රුපියල් ලක්ෂ 11 ක් වටිනා , විදේශීය නිෂ්පාදිත දුම්වැටි 20,000 ක් අඩංගු , දුම්වැටි කාටූන් 100 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ. කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන එස්.පී.කිරිවත්තුඩුව , විරාජ් විජේවර්ධන , රේගු අධිකාරීවරුන් වන ජී.එම්.බී.ගජනායක , සී.ජී.පුංචිහේවා , සහකාර රේගු අධිකාරීවරුන් වන සී.එම්. මිහිඳුකුළසූරිය , ටී.ඩී.සී.එල් . තන්තිරිවත්ත , පී.බී.අමරසිංහ , එන්.එන්.තිලකරත්න සහ ආර්.එම්.ඒ.ඒ. රත්නායක යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .
මෙම සිදුවීම පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා විසින් පැවැත්වූ අතර , එහිදී මෙම විදේශීය දුම්වැටි තොගය රාජසන්තක කර , මෙම ව්‍යාපාරිකයාට රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය .

2025 දෙසැම්බර් මස 18
283
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිවිරෝධී ලෙස දුම්වැටි ගෙන ආ මගියකු අත්අඩංගුවට