තංගල්ල සමූපකාර ග්‍රාමීය බැංකුවේ ගින්නක් තංගල්ල නගර මධ්‍යයේ පිහිටි ග්‍රාමීය බැංකුවේ ඉහළ මාලයේ අද(17) පස්වරුවේදී හදිසි ගින්නක් හට ගෙන ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 17 July 2019
උතුරුමැද සමූපකාර නිලවරණය කල්දැමීම ගැන කරුණු කියන්න වගඋත්තරකරුවන්ට නියෝග උතුරුමැද සමූපකාර සමිතිවල අධ්යක්ෂ මණ්ඩල නිලවරණය දින නියමයක් නොමැතිව නීතිවිරෝධීව කල් දමා ඇති බවට නගා ඇති චෝදනාවන්ට අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි උතුරුමැද පළාත් ආණ්ඩුකාර,පළාත් ආණ්ඩුකාර ලේකම්, පළාත් ප්‍රධාන ලේකම් සහ පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක මහතා අද (17) නියෝග කළේය. 17 July 2019
ඉඩම්වලට සින්නක්කර ඔප්පු දෙන්නැයි අම්පාරේ ජනතාව විරෝධතාවක තමන් සතුව ඇති ඉඩම් සදහා සින්නක්කර ඔප්පු ලබාදෙන ලෙස ඉල්ලා අම්පාර ප්‍රදේශවාසීහු පිරිසක් අද(17) අම්පාර නගරයේදී විරෝධතාවක් පැවැත්වූහ. 17 July 2019
ගිනි අවියක් - ජීව උණ්ඩ සමඟ 3ක් අත්අඩංගුවට බෝර 12 ගිනිඅවියක් සහ ජීව උණ්ඩ 6ක් සමඟ අද(17) ගිරිතලේ මින්නේරිය රක්ෂිතයට ඇතුළු වී සතුන් දඩයම් කිරීමට උත්සාහ කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය කියයි. 17 July 2019
ඉහළ කොත්මලේ ජලාශයේ ජලයට තෙල් මිශ්‍ර වෙයි ඉහළ කොත්මලේ ජලාශයේ ඇති ජලය මත විශාල ලෙස පැතිරී ගිය තෙල් පැල්ලම් තට්ටුවකින් වැසී තිබේ. 17 July 2019
වලස්මුල්ල ප්‍රා.ලේ. කාර්යාලයට ගම්වැසියෝ කඩා වදිති වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටි ගම්වාසීන් පිරිසක් අද (17) හදිසියේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැදුණහ. 17 July 2019
බදුල්ලේ ගම්මිරිස් ගොවීහු වීදි බසිති ගම්මිරිස්වලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්මිරිස් ගොවීහු අද (17) බදුල්ල නගරයේදී උද්ඝෝෂණයක නිරතවූහ. 17 July 2019
අක්මීමන ප්‍රා. සබේ මන්ත්‍රීවරු රංජන්ගේ ප්‍රකාශය හෙළා දකිති අක්මීමන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් විවිධ වැකි ලියු පොස්ටර් ප්‍රදර්ශනය කරමින් අද (17) පැවති අක්මිමන ප්‍රාදේශීය සභා රැස්වීමට පැමිණියහ. 17 July 2019
අ’පුර දළදා පෙරහර අවසන් ජාතික අභිමානය සහ අනුරාධපුර පෞඩත්වය විදහා දක්වමින් 23 වන වරටත් සංවිධානය කරන ලද අනුරාධපුර දළදා පෙරහර අද (17) අලුයම සාර්ථකව අවසන් විය. 17 July 2019
බවුසරයක ගැටී පාපැදිය පැදවූ දරුවෙක් මරුට හලාවත පුත්තලම මාර්ගයේ මදුරන්කුලිය සෙම්බැට්ට ප්‍රදේශයේ දි පාපැදියක් පදිමින් සිටි නව හැවිරිදි වියේ දරුවකු බවුසරයකට යටවීමෙන් අනතුර සිදුවු ස්ථානයේ දීම ඊයේ ( 16) රාත්‍රියේ මිය ගොස් ඇති බව මුන්දලම පොලිසිය කියයි. 17 July 2019
වැඩි මිලට අලෙවි කිරීමට තිබූ අරක්කු බෝතල් තොගයක් අත්අඩංගුවට පොහොය දින වැඩිමිලට විකිණීම සඳහා මෙරට නිෂ්පාදිත අරක්කු තොගයක් මාතලේ ත්‍රිකුණාමල විදියේ විසිතුරු මත්ස්‍ය අලෙවි සැලක සූක්ෂම ලෙස සඟවා තිබියදී මාතලේ කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අද (16) පස්වරුවේ එක් සැකකරුවෙක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 16 July 2019
හාලිඇල නිවාස දෙකකින් භාණ්ඩ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක්ට අයත් නිවාස දෙකකින් රුපියල් පනස් දහසක් වටිනා රන් පෙන්ඩන්ට් දෙකක් සොරකම් කළ බවට සැකපිට තරුණයින් දෙදෙනෙක් හාලිඇල පොලිසිය මඟින් අද (16) අත්අඩංගුවට ගෙන තිබේ. 16 July 2019
සුඛෝපබෝගී පෞද්ගලික බස් රථයක් මීගොඩදී ගිනි ගනී හයිලෙවල් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපබෝගී පෞද්ගලික බස් රථයක් අද (16) සවස මීගොඩ පොලිස් ස්ථානය ආසන්නයේදී හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් සම්පූර්ණයෙන් දැවී විනාශ වූ බව මීගොඩ පොලිසිය පවසයි. 16 July 2019
සමනල වැව ජලාශයේ ජලය කාන්දු වන ස්ථානයක ගිලී තරුණයෙක් මියයයි බලන්ගොඩ සමනල වැව ජලාශයේ ජලය කාන්දු වන ස්ථානයේ දියේ ගිලී තරුණයෙක් අද (16) පස්වරුවේදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 16 July 2019
උණවටුණේ සෙල්ෆි ගැනීමට ගිය තරුණයෝ දෙදෙනා මුහුදට වැටී අතුරුදන් උණවටුන රූමස්සල වෙරළේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු ගලක් මත සිට සෙල්ෆි ඡායාරුපයක් ගනිමින් සිටියදී අද (16) සවස මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 16 July 2019
බලශක්ති කාර්යක්ෂම නිවාස ආකෘතියක් අඩු ආදායම්ලාභි පවුල් සඳහා බලශක්තිය අඩුවෙන් වැයවන නිවාස ක්‍රමයක් හඳුන්වාදීමේ පර්යේෂණයක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම හා මොරටුව විශ්වවිද්‍යාලය අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇත. 16 July 2019
කතරගම වන්දනාකරුවන්ට මත්කුඩු විකිණූ අයෙක් අල්ලයි කතරගම වන්දනාවේ පැමිණෙන තරුණයින් සඳහා අලෙවි කිරීමට හෙරොයින් මත් කුඩු රැගෙන යමින් සිටි තරුණයෙකු සෙල්ලකතරගම පාරේදී තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් අද(16) අත්අඩංගුවට ගෙන තිබේ. 16 July 2019
වාහනවල ගැටී අලි දෙදෙනෙක් මරුට - රියදුරෙක් අත්අඩංගුවට හබරණ - ත්‍රිකුණාමල මාර්ගයේ ස්ථාන දෙකකදී රථවාහනවල ගැටී වනඅලි දෙදෙනෙකු අද(16) මියගොස් ඇති බව කවුඩුල්ල ජාතික උද්‍යානයේ භාරකරු ප්‍රදිප් කුමාර හෙට්ටිආරච්චි මහතා කියයි. 16 July 2019
සිසුවකුගෙන් කප්පම් ගත් අයෙක් අත්අඩංගුවට අනුරාධපුර නගරයේ උපකාරක පංති සඳහා සහභාගීවීමට පැමිණි සිසුවෙකුගෙන් රුපියල් 2,000ක කප්පම් මුදලක් ලබාගත් පුද්ගලයෙකු අද(16) අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 16 July 2019
ඕමන්තේ ඉඩමකින් බිම් බෝම්බ 8ක් සොයාගනී වවුනියාව, ඕමන්ත පැරණි හමුදා මාර්ග බාධකය අසළ ඉඩමක තිබී බිම් බෝම්බ 8ක් අද(16) සොයාගත් බව ඕමන්ත පොලිසිය පවසයි. 16 July 2019
රංජන්ට විරෝධය පා බණ්ඩාරවෙල පොලිසියට පැමිණිල්ලක් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට විරෝධය දක්වමින් බණ්ඩාරවෙල කහත්තේවෙල ශ්‍රී අශෝකාරාම විහාරාධිපති බෙරලිහෙල බුද්ධිනන්ද හිමියන් හා ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද (16) බණ්ඩාරවෙල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 16 July 2019
පුද්ගලයෙකුට පහර දුන් සැරයන්ගේ වැඩ තහනම් අනුරාධපුර නගරයේ යතුරු පැදියකින් ගමන්ගත් පුද්ගලයෙකුට පහර දුන්නේ යැයි කියන පොලිස් සැරයන්වරයකු සම්බන්ධයෙන් අද(16)දින සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කළ බව අනුරාධපුර පොලිසිය කියයි. 16 July 2019
කිරිවෙහෙරේ විදුලි ගැටලුවට කඩිනමින් විසඳුම් කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ මෙතෙක් නොවිසදී පවතින විදුලිය සම්බන්ධ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට හා විහාරස්ථානයේ ඉදිරි විදුලි සංවර්ධන කටයුතු සිදුකිරීමට රජය පියවර ගෙන ඇත. 16 July 2019
මහවැලි ගඟට කරදිය මුසුවීමේ අවදානමක් වියළි කාලගුණ තත්වයත් සමඟ වෙරුගල් හරහා ත්‍රිකුණාමලය මුහුදට ගලා බසිනා මහවැලි ගගේ ජල මට්ටම සීඝ්රයෙන් පහළ බැසීමත් සමඟ, මුහුදු ජලය ගඟ දිගේ කිලෝමීටරයක් පමණ රට තුළට ගලාවිත් එම ජලයට මුසු වීමේ අවදානමක් පවතින බවද මේ වනවිටත් පානීය ජලයෙහි යම් ලවණ ස්වභාවයක් පෙන්නුම් කරන බවද ප්‍රදේශවාසීහු පවසති. 16 July 2019
කුලියාපිටියේ කොහු කම්හලෙන් ගැටලු රැසක්: ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා කුලියාපිටිය කරගහගෙදර පිහිටුවා ඇති ප්‍රධාන පෙළේ කොහු කර්මාන්ත ශාලාවකින් නිකුත්වන කොහුබත් අංශු සහ දුහුවිලි හේතුවෙන් තමන්ට පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 15 July 2019
අත්අඩංගුවට ගත් කලුතර ප්‍රා.සභා මන්ත්‍රී ඇතුළු දස දෙනාට ඇප මොරන්තුඩුව කුඩා ගෝනදූව හා කුඩව ප්‍රදේශවල නිවාස දෙකකට බලහත්කාරයෙන් ඇතුලු වී තර්ජනය කිරීම හා කාන්තාවකට පහර දුන් බව කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් කලුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු පුද්ගලයින් දස දෙනෙක් පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය. 15 July 2019
බණ්ඩාරවෙල නගරයේ බීමත්ව රිය පැදවූ 8කට දඩ බණ්ඩාරවෙල නගරයේ බීමත්ව රිය ධාවනය කරමින් සිටි පුද්ගලයින් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන අද (15) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරේහේන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 15 July 2019
වතුකම්කරුවන්ට දුන් පොරොන්දු ඉටු නොකළොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට වතු කම්කරු ජනතාවට රුපියල් දහසක දෛනික වැටුපක් ලබා දෙන බවට රජය මගින් පළමුව පොරොන්දු වුවද එම මුදල ලබාදීම රජය විසින් මගහරිමින් සිටින බවත් එම මුදල ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී වතු කම්කරුවන් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹෙන බවත් වතු කම්කරු මධ්‍යස්ථානය අද (15) හාලිඇලදී පැවති මාධ්‍ය හමුවක දී පැවසීය. 15 July 2019
නුවරඑළිය රෝහල විවෘත කිරීමට වෛද්‍යවරු විරෝධය දක්වති නුවරඑළිය මූලික රෝහල අවස්ථා කිහිපයකදීම සෞඛ්‍යය සහ පෝෂණ අමාත්‍යය රාජිත සේනාරත්න මහතා විසින් විවෘත කළ බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුගේ පිරිසක් ඊට විරෝධය දක්වමින් කළු පටි පැළඳ අද (15) රාජකාරී කටයුතුවල නිරතවූහ. 15 July 2019
යාපනයට ජලය සපයන නව ව්‍යාපෘතියක් යාපන අර්ධද්වීපයට ජලය සපයන නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නෙදර්ලන්ත තානාපති කාර්යාලය පියවර ගෙන ඇත. 15 July 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025