(විනීතා එම්. ගමගේ)
අඩු ආදායම්ලාභි පවුල් සඳහා බලශක්තිය අඩුවෙන් වැයවන නිවාස ක‍්‍රමයක් හඳුන්වාදීමේ පර්යේෂණයක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම හා මොරටුව විශ්විද්‍යාලය අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇත.
මෙම ව්‍යාපෘතියේ මුල් අදියර ලෙස මොනරාගල කොළඹ සහ මහනුවර යන දිස්ත‍්‍රික්කවලින් තෝරාගත් නිවාස 350 ක නියැදියක් සමීක්ෂණයට ලක් කරන බවත් එම අධ්‍යයනයෙන් පසුව අඩු ආදායම්ලාභී නිවාසවල බලශක්ති පරිභෝජන රටාව හඳුනාගැනීම හා බලශක්ති පරිභෝජන දර්ශක ගණනය කිරීමට නියමිත බවත් මහජන උපයෝගිතා කොමිසම කියයි.
අධ්‍යයනයෙන් පසුව අඩු ආදායම්ලාභී පවුල් සඳහා බලශක්ති කාර්යක්ෂම නිවාස සැලසුමක් ඉදිරිපත් කරනු ඇතැයි ද එම නිවාස සඳහා බලශක්තිය නිවසේ වහල මත සවිකරන සුර්ය විදුලිබල පද්ධතියක් මඟින් ලබාගැනීමට සළස්වනු ඇති බව ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරියෙක් පැවසීය.
මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉන්ද්‍රිකා රාජපක්ෂ සහ ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් විසින් මෙම පර්යේෂණ ව්‍යාපෘතිය මෙහෙයෙවනු ලබයි.
මේ සම්බන්ධව ගිවිසුමට මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ. කේ. සී. කේ. පෙරේරා සහ ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව් යන මහත්වරු මෙම ගිවිසුමට ඉකුත් දා අස්සන් කළහ.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බලශක්ති කාර්යක්ෂම නිවාස ආකෘතියක්