(විජේරත්න රත්නායක)
එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක්ට අයත් නිවාස දෙකකින් රුපියල් පනස් දහසක් වටිනා රන් පෙන්ඩන්ට් දෙකක් සොරකම් කළ බවට සැකපිට තරුණයින් දෙදෙනෙක් හාලිඇල පොලිසිය මඟින් අද (16) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල පොලිස් වසමට අයත් දෙමෝදර ගවරවෙල පදිංචි වයස අවුරුදු 20 ක් හා අවුරුදු 21 ක් වන තරුණයින් දෙදෙනෙකි.
හාලිඇල කීරියගොල්ල ප්‍රදේශයේ අදාළ නිවෙස් දෙකෙහි දිවා කාලයේ කිසිවෙක් නොමැති අවස්ථාවේ මොවුන් එම නිවාසවල ජනෙල් ගලවා ඇතුළුවී එක් නිවසක වූ රුපියල් විසි දහසක් වටිනා රන් පෙන්ඩන්ට් එකක් සහ අනෙක් නිවසේ තිබූ රුපියල් තිස් දහසක් වටිනා රන් පෙන්ඩන්ට් එකක්ද සොරකම් කර ඇතැයි පැවසේ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර හාලිඇල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
2025 දෙසැම්බර් මස 04
742
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හාලිඇල නිවාස දෙකකින් භාණ්ඩ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට