IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


උතුරුමැද සමූපකාර නිලවරණය කල්දැමීම ගැන කරුණු කියන්න වගඋත්තරකරුවන්ට නියෝග

(උපාලි ආනන්ද)

 

උතුරුමැද සමූපකාර සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩල නිලවරණය දින නියමයක් නොමැතිව නීතිවිරෝධීව කල් දමා ඇති බවට නගා ඇති චෝදනාවන්ට අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි උතුරුමැද පළාත් ආණ්ඩුකාර,පළාත් ආණ්ඩුකාර ලේකම්, පළාත් ප‍්‍රධාන ලේකම් සහ පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක මහතා අද (17) නියෝග කළේය.

මහපොතාන පදිංචි උදය කුමාර හේමන්ත කුලරත්න සහ කහටගස්දිගිලිය සිව්දිසාගම ආර් රංජන් යන මහත්වරුන් නීතිඥ ධනුෂ්ක දහම්පත් මහතා මගින් උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් පසුව  මෙසේ නියෝග කරනු ලැබීය.

පෙත්සම අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිඥ ධනුෂ්ක දහම්පත් මහතා  ප‍්‍රකාශ කලේ උතුරුමැද පළාතේ  සමූපකාර සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩල නිලවරණ විවිධ ආකාරයෙන් පවත්වන බව  පවසමින්  එම තත්වය තුළ පළාතේ සියළු විවිධ සේවා සමූපකාර සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩල නිලවරණ එකම දිනක එකම ආකාරයකට පැවැත්විය යුතු බව පෙත්සමේ 6 වැනි වගඋත්තරකාර පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා විසින් පළාතේ විවිධ සේවා සමූපකාර සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩල නිලවරණ  දින නියමයක් නොමැතිව  කල් දමා තිබේ.

එහෙත් සත්‍ය එය නොවන බව අධිකරණයට අවධාරණය  කළ නීතිඥවරයා මෙලෙස අධ්‍යක්ෂ මණ්ඩල නිලවරණ කල් දැමීමට ප‍්‍රධාන හේතුව දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා බවද කීවේය.

පළාතේ විවිධ සේවා සමූපකාර සමිතිවල විශාල වත්කම් ප‍්‍රමාණයක් පවතින බව අධිකරණයට සැළ කළ නීතිඥ දහම්පත් මහතා මේ වන විට එම සියළු  සමූපකාර  සමිතිවල එම විශාල වත්කම් ප‍්‍රමාණය  පාලනය වන්නේ නිලධාරීන් මගින් පමණක් බවද කීවේය.

උතුරුමැද පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ප‍්‍රියන්ති ගලප්පත්ති සහ නිලංක රුක්ෂාන් ගාල්ලගේ සහ කහටගස්දිගිලිය ගම්මැද්ද සම්පත් ධනංජය වඩිමුණ යන මහත්ම මහත්මීන්ය. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ දනුෂ්ක දහම්පත් මහතා සමඟ නීතිඥ ගයාන් සිරිවර්ධන මහතා පෙනී සිටියේය.



අදහස් (0)

උතුරුමැද සමූපකාර නිලවරණය කල්දැමීම ගැන කරුණු කියන්න වගඋත්තරකරුවන්ට නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 542 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 329 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 477 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site