බීමතින් පාසල් බස් රථය පැදවූ රියදුරු අත්අඩංගුවට බීමතින් පාසල් බස් රථයක් පදවමින් සිටි රියැදුරකු මරදාන ප්‍රදේශයේ දී අද(15) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 15 July 2019
කොළඹ අවට හොරෙන් ජලය ගත් 560 ක් කොටුකර ගනිති කොළඹ නගරය හා අවට නගර කීපයක හොරෙන් ජලය ගත් 560 දෙනෙකු කොටුකර ගෙන ඔවුන්ගෙන් ගතවූ මාස 6 තුළ රුපියල් කෝටි 2 ½ කට ආසන්න දඩ මුදලක් අයකර ගත් බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි. 15 July 2019
හමුදා කඳවුරේ ඉන්ධනහළෙන් ඩීසල් සොරා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ඉන්ධන පිරවුම්හළෙන් රුපියල් 346,840 ක් වටිනා ඩීසල් ලීටර් 3335 ක් සොරා ගනු ලැබු පුද්ගලයන් දෙදෙනෙකු අද(15) අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 15 July 2019
මහනුවර ඉපැරණි වැසි ජල උමඟ ප්‍රතිසංස්කරණය කෙරේ මහනුවර නගරයේ ගංවතුර පාලනය සඳහා පෙර රජවරුන් විසින් තැනූ භූගත වැසි ජල උමඟ ප්‍රතිසංස්කරණය කිරීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 15 July 2019
‘මිරිදිය ධීවරයන්ට විශ්‍රාම වැටුපක්’ මිරිදිය ධීවරයන්ට විශ්‍රාම වැටුපක් සහ විදේශීය ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අද (15) පැවැසීය. 15 July 2019
බඳින තුවක්කුවක් පත්තු වී අයෙක් මරුට දිඹුලාගල පැළැටියාව ළඳු කැළෑවක අද (15) බඳින ලද තුවක්කුවක් පත්තු වීමෙන් පුද්ගලයකු එම ස්ථානයේ දී මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි. 15 July 2019
නේවාසිකව රැඳී සිටිමින් ලක්ෂ 17ක රන්බඩු - මුදල් සොරාගත් කතක් අල්ලයි මුදල් අමාත්‍යංශයේ විශ්‍රාමික නිලධාරිනියකට අයත් නේවාසික නිවසක රැඳී සිටිමින් එහි තිබූ රුපියල් ලක්ෂ 17ක් වටිනා රන් භාණ්ඩ සහ මුදල් සොරාගත් කාන්තාවක අද(15) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි. 15 July 2019
හල්දුම්මුල්ල ගම්මිරිස් ගොවීහු වීදි බසිති ගම්මිරිස් මිල විශාල වශයෙන් පහත වැටීමට එරෙහිව සහ ඊට සහතික මිලක් ලබාදෙන ලෙස ඉල්ලා හල්දුම්මුල්ල ගම්මිරිස් ගොවීහු අද(15) හල්දුම්මුල්ල, බෙරගල මංසන්ධියේදී විරෝධතාවක නිරත වූහ. 15 July 2019
දෙබරු ඇනීමෙන් තරුණයකු රෝහලේ දෙබර ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබූ තරුණයකු අද (15) දහවල් අසාධ්‍ය තත්වයෙන් මීගහකිවුල දිසා රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 15 July 2019
නිවසකට ඇතුළු වූ කතක් කළ පිහි ඇනුමකින් අයෙක් රෝහලේ බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් උලුපිටිය ප්‍රදේශයේ නිවසකට ජනේලයකින් ඇතුළු වූ කාන්තාවක් එහි නිදා සිටි පුද්ගලයකුට අද(15) පිහියෙන් ඇන තුවාල කර පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි. 15 July 2019
කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට රස්නායකපුර, කඩිගාව ප්‍රදේශයේදී අද(15) කළ සෝදිසි කිරීමකදී යතුරු පැදියකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 15 July 2019
යතුරුපැදියක් දුම්රියේ ගැටී පියාත් - දුවත් මරුට කන්කසන්තුරේ බලා ගමන් ගත් අන්තර් නගර සීඝ්‍රගාමී දුම්රියේ යතුරුපැදියක් ගැටී අද (15) දෙදෙනෙක් මියගිය බව වේයන්ගොඩ පොලිසිය පවසයි. 15 July 2019
ටිපර් රථ - යතුරුපැදි අනතුරකින් දෙදෙනෙක් මරුට පුත්තලම කුරුණෑගල මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක්, නවතා තිබූ ටිපර් රථයක ගැටීමෙන් වූ අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගිය බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 15 July 2019
වගා ළිඳක බෝම්බයක් - පතරොම් තොගයක් මිලි මීටර 60 ක් වන මෝටාර් බෝම්බයක් සහ ටී56 හිස් පතුරම් කොපු 9960ක් අද (14) සොයා ගැනීමට නවගත්තේගම පොලිසියට හැකිවී ඇත. 14 July 2019
බෙලිහුල්ඔයත් සිඳෙයි බලන්ගොඩ ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණික තත්වයත් සමග බෙලිහුල්ඔයේ ජලමට්ටම සීඝ්රයෙන් පහත බැසිම හේතුවෙන් බෙලිහුල්ඔය සිඳී ගොස් තිබේ. 14 July 2019
‘අක්කාවළේ’දී බදුලුඔයට වැටුණු කතගේ සිරුර හමුවේ ‘අක්කාවළ’ නැමැති ස්ථානයේදී බදුලු ඔයට වැටී සැඬ පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි කාන්තාවකගේ මළ සිරුර අද(14) බෝලියද්ද ගොවිපළගම අත්වැල්පාලම පහළ බදුලු ඔයේ පාවෙමින් තිබියදී ගොඩ ගත් බව බදුල්ල පොලීසිය පවසයි. 14 July 2019
එළිමහන් සිරකඳවුරකදී පලාගිය සිරකරුවකු අත්අඩංගුවට කුණ්ඩසාලේ ප්‍රදේශයේ එළිමහන් සිරකඳවුරකින් පලා ගිය සිරකරුවෙකු අද(14) රත්නපුර සමන් දේවාල පරිශ්‍රයේදී අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය පවසයි. 14 July 2019
නවක වෛද්‍යවරුන් 350කගේ පත්වීම් ප්‍රමාදයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කඹඇදිල්ල නිසා නවක වෛද්‍යවරුන් 350දෙනෙකුට පත්වීම් ලබාදීම වසරක පමණ කාලයක සිට ප්‍රමාදවෙමින් තිබේ. 14 July 2019
ඩිෆෙන්ඩරයක් ප්‍රපාතයට පෙරළී 5කට තුවාල පේරාදෙණිය සිට ගම්පහ දක්වා ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් පහළ කඩුගන්නාව අම්බලම අසළදී පාරෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන් ගත් 5 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව මාවනැල්ල පොලිසිය පවසයි. 14 July 2019
සම්බාහන මධ්‍යස්ථානයට ආ සිව්දෙනෙක් මුදල් කොල්ල කා පලා යති මාලබේ පිට්ටුගල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබූ සම්බාහන මධ්‍යස්ථානයකට අද (14) අලුයම සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරන ලද හිස් වැසුම් පැළඳ පැමිණි තරුණයින් සිව්දෙනෙකු එහි සිටි පිරිසට තර්ජනය කර තියුණු ආයුධ පෙන්වා බියකර ඔවුන් සතුව තිබූ මුදල් හා ස්වර්නාභරණ කොල්ල කා පලා ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි. 14 July 2019
හොරෙන් ජලය ලබාගත් ස්ථාන 15කට ලක්ෂ 22ක දඩයක් කොළොන්නාව ප්‍රදේශයේ කරන ලද හදිසි වැටලීමකදී හොරෙන් ජලය ලබාගත් අවන්හල් 2කට, බේකරි 2කට, ඉදිකිරීමේ වැඩබිමකට සහ නිවාස 10කට රුපියල් ලක්ෂ 22ක දඩමුදලක් නියම කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය පවසයි. 14 July 2019
හැඳුනුම්පත් එක්දින සේවාව පළාත් මට්ටමිනුත් ජාතික හැඳුනුම්පත් එක්දින සේවාව පළාත් මට්ටමින් ආරම්භ කිරිම නුදුරේදීම සිදු කෙරෙන බව පුද්ගලයින් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්තුව පවසයි. 14 July 2019
ගවයන් අටදෙනෙකු පැටවූ ලොරියක් සමඟ 5ක් අල්ලයි ආරච්චිකට්ටුව අත්තංගනය ප්‍රදේශයේ අයියනන්කට්ටුව වැව අසළ ඉඩමක ගවයන් සහ එළ ගවයන් අටදෙනෙකු පටවා ප්‍රවාහනය කිරීමට සූදානම්ව තිබූ කුඩා ලොරි රථයක් සැකකරුවන් 5දෙනෙකු සමඟ අද(14) අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 14 July 2019
බැතිමතුන්ගෙන් මුදල් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට කතරගම පුජා භූමියේ දී දැලි පිහි යොදාගෙන බැතිමතුන්ගේ සාක්කු හා බෑග් කපා සල්ලි සොරකම් කළ අපරාධකරුවෙකු හා ඔහුගේ ගෝලයකු කතරගම පුජා භුමියේදී අද (14) තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 14 July 2019
ගිනි අවි 2ක් - කඩුවක් බොරළු වළකින් හමුවේ කැකිරාව, කසාගල මාර්ගයේ බොරළු වළක සඟවා තිබූ තුවක්කු දෙකක් සහ අඩි දෙක හමාරක් දිගැති කඩුවක් අද(14) සොයා ගත්බව කැකිරාව පොලිසිය කියයි. 14 July 2019
බන්ධනාගාර නියාමකවරයකු මත්කුඩු සමඟ අල්ලයි හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු අද(14) සීප්පුකුලමේදී මත්කුඩු සමග අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි. 14 July 2019
බස් - ලොරි රථ අනතුරින් 4ක් රෝහලේ පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ හබරණ දේවාලේ කඬේහංදියට නුදුරුව අද(14) අලුයම පෞද්ගලික බස්රථයක් සහ ලොරියක් ගැටීමෙන් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 14 July 2019
ඇමති නිලධාරියාගේ රථයට පහර දී - මාලය කොල්ල කාලා කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ සම්බන්ධීකරණ නිලධාරී පී. නිව්ටන් මහතාගේ නිල රථයට කිසියම් පිරිසක් නිවන්තක චේතිය විදුහල ඉදිරිපිටදි ගල්වලින් පහරදී ඔහුගේ රන්මාලයද පැහැර ගෙන ඇති බව අනුරාධපුර පොලිසිය කියයි. 14 July 2019
පුද්ගලයන් සිව් දෙනෙක් සමඟ ත්‍රිරෝද රථයක් අත්අඩංගුවට සැකපිට පුද්ගලයින් සිව් දෙනෙකු ත්‍රිරෝද රථයක් සමඟ අද (14) අලුයම මාබොටුවන පිංළිද අසලදී අත්අඩංගුවට ගත් බව වදුරඹ පොලිසිය පවසයි. 14 July 2019
සමනළ වැව ජලාශයේ ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවේ බලන්ගොඩ සමනළ වැව ජලාශයේ දියනෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද (13) දහවල් සොයාගත් බව සමනළවැව පොලිසිය සඳහන් කරයි. 13 July 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025