(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි )
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් උලුපිටිය ප්‍රදේශයේ නිවසකට ජනේලයකින් ඇතුළු වූ කාන්තාවක් එහි නිදා සිටි පුද්ගලයකුට අද(15) පිහියෙන් ඇන තුවාල කර පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
පිහි ඇනුමෙන් තුවාල ලබා ඇත්තේ බලන්ගොඩ උලුපිටිය ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
තුවාල ලැබූ තැනැත්තා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහරෝහල වෙත මාරුකර යවා ඇති බවද පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා සිය දෙවනි විවාහක බිරිඳ සමග අලුයම නිවසේ සිටියදී ඔහුගේ පළමු විවාහයේ භාර්යාව නිවසේ ජනේලයේ ඉටිරෙදි ඉරා නිවසට ඇතුළු වී එම පුද්ගලයාට පිහියෙන් ඇන ඇත.
මෙම කාන්තාව, තුවාල ලැබූ පුද්ගලයාගේ පළමු භාර්යාවට අයත් අත්බෑගයේ තිබී රුපියල් 9,000ක පමණ රන් භාණ්ඩ සහ රුපියල් 500ක මුදලක් ද සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිවසකට ඇතුළු වූ කතක් කළ පිහි ඇනුමකින් අයෙක් රෝහලේ