IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘මිරිදිය ධීවරයන්ට විශ්‍රාම වැටුපක්’

(මනෝජ් හර්ෂික)

මිරිදිය ධීවරයන්ට විශ්‍රාම වැටුපක් සහ විදේශීය ශිෂ්‍යත්ව ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අද (15) පැවැසීය.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ පැවති මිරිදිය ධීවර හා ජලජීවී වගා තාක්ෂණික සමුළුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

"කරදිය ධීවරයන් මෙන්ම මිරිදිය ධීවරයන් ද රක්ෂණය කළ යුතුයි. මම ඒ සඳහා කෘෂි රක්ෂණ මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ වසරේ මිරිදිය ධීවරයන්ව රක්ෂණය කිරීමට ද කටයුතු කරනවා.

දළ දේශීය නිෂ්පාදනයට දායක වෙමින් මේ ධීවරයන් කැප වුණත්, වයසට ගියාම ඉතුරු වෙන්නේ ඔරුවයි, දිරාගිය කොල්ලෑවයි විතරයි. ඒ නිසා මම මේ ධීවරයන්ටත් විශ්‍රාම වැටුපක් යෝජනා කරනවා.

බංගලාදේශය, තායිලන්තය වැනි රටවල නිවස තුළම මාළු වගා කරන තාක්ෂණයක් ඔවුන් ළඟ තියෙනවා. අපේ රටේ ධීවරයින්, ධීවර සමිතිවල නිලධාරීන් මේ රටවල තාක්ෂණික දැනුම බෙදාගන්න විදේශීය ශිෂ්‍යත්ව ධීවරයන්ටත් ලබා දෙන්න අවශ්‍යයි කියලා ධීවර දෙපාර්තමේන්තුවට කිව්වා.

අපි බලාපොරොත්තු වෙනවා ධීවරයන් බංගලාදේශයට, තායිලන්තයට යවන්න මේ තාක්ෂණය ඉගෙන ගන්න" යැයි ද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.



අදහස් (0)

‘මිරිදිය ධීවරයන්ට විශ්‍රාම වැටුපක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site