බලන්ගොඩ වේවැල්වත්ත රත්නපුර මාර්ගයේ ගමන් අවදානම් පවතින වර්ෂා සහ තද සුළං හේතුවෙන් බලන්ගොඩ වේවැල්වත්ත හරහා රත්නපුර මාර්ගයට ගල් පෙරළිමේ සහ පස්කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර කාර්යාලයේ ඉංජිනේරු අබිත වනසුන්දර මහතා පැවසීය. 19 July 2019
වැස්සෙන් ගාල්ලේ පවුල් 104 ක් පීඩාවට වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (19) සවස 2 පමණ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17ක, ග්‍රාම නිලධාරි වසම් 78කට අයත්, පවුල් 104ක සාමාජිකයින් 370 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි. 19 July 2019
මුහුණු පොතේ සටහනකට රිමාන්ඩ් කර සිටි සැකකරුට ඇප ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණුපොතෙහි පළකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි සිටි ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ පනහ බැගින් ශරීර ඇප තුනක් මත මුදාහැරි හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා වැඩිදුර නඩු විභාගය ලබන වසරේ මාර්තු මස 6 වන දින කැඳවීමට අද (19) නියම කළේය. 19 July 2019
රන්මාල කොල්ලකරුවන් දෙදෙනෙකු ගිනි අවි සමඟ අත්අඩංගුවට හික්කඩුවේ සිට කාන්තාවන්ගේ රන් මාල කොල්ලකෑම සඳහා උඩුගම ප්‍රදේශයට ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු ටි.56 ගිනි අවියක්ද සමග අද (19) දහවල් උඩුගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. 19 July 2019
ගිනිගත්හේනට විදුලිය ඇනහිටී ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ සිට ගිනිගත්හේන නගරය දක්වා ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධතියක් මතට අද (19) ගසක අත්තක් කඩා වැටීමෙන් විදුලි රැහැන් වලට දැඩි අලාභ හානි සිදු වී ගිනිගත්හේන ප්‍රදේශයේ ස්ථාන කිහිපයක විදුලි බලය ඇනහිට ඇති බව ගිනිත්හේන පොලිසිය පවසයි. 19 July 2019
බාල වයස්කාර දැරියට අතවර අයෙක් පහර දී ඝාතනය කරයි බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපරාධයක් සිදුකර පොලිසියෙන් සැඟවී සිටි පුද්ගලයකු අද (19) කිසියම් පිරිසක් විසින් දැරිය දූෂණය කළ ස්ථානයටම රැගෙන ගොස් පහර දී ඝාතනය කර ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි. 19 July 2019
දැරියක අපයෝජනය කළ තරුණයෙක් අත්අඩංගුවට නව හැවිරිදි දැරියක අපයෝජනය කළ බව කියන තරුණයකු අද(19) පරාක්‍රමපුරදී අත්අඩංගුවට ගත් බව පදවිය පොලිසිය කියයි. 19 July 2019
වැස්සෙන් හැටන් පැන්මූර් වත්තේ පවුල් 13 ක් ඉවතට මධ්‍යම කඳුකරයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හැටන් නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි පැන්මුර් තේ වත්ත ප්‍රදේශයේ පිහිටි පැන්මුර් වැව පිටාර ගැලීමෙන් ඊට පහළින් පිහිටි නිවාස 13 ක් පුද්ගලයින් 60 ක් අවතැන්ව ඇති බව හැටන් පොලිසිය පවසයි. 19 July 2019
ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට මොනරාගල සුදුවතුරආර ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (19) අත්අඩංගුවට ගෙන ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. 19 July 2019
වෑන් රථ දෙකක් ගැටී අයෙක් මරුට මොරටුව - කටුබැද්ද හන්දියේදී අද(19) අලුයම වෑන් රථ දෙකක් එකිනෙක ගැටී අසළ ආපනශාලාවකට කඩා වැදීම හේතුවෙන් අයෙකු මියගොස් තවත් හත්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරටුව පොලිසිය කියයි. 19 July 2019
මහව සිට ඕමන්තේ දක්වා නව දුම්රිය මාර්ගයක් මහව සිට ඕමන්තේ දක්වා දැනට භාවිතා කරන දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඒ වෙනුවට නව දුම්රිය මාර්ගයක් සෑදීමේ ව්‍යාපෘතිය අද (18) නිල වශයෙන් ආරම්භ විය. 18 July 2019
හැටන් ඔය පිටාර ගැලීමෙන් නිවාස 10 ක් ජලයෙන් යටවෙයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගගේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔය පිටාර ගැලීමෙන් වටවල ප්‍රදේශයේ පහත් බිම් වල තිබූ නිවාස 10 ක් පමණ ජලයෙන් යට වී ඇති බව වටවල පොලිසිය පැවසීය. 18 July 2019
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 5 ක් විවර කරයි මධ්‍යම කඳුකරයට අද (18) සිට ඇඳ හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 5 ක් විවර කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවෝ පවසති. 18 July 2019
බෙලිඅත්ත ප්‍රා. සබේ හිටපු එජාප මන්ත්‍රීවරයකුගෙන් පැමිණිල්ලක් බෙලිඅත්ත ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ අද (18) පැවති රැස්වීමක් අතරතුරදී බෙලිඅත්ත ප්‍රාදේශීය සභාපති සිරිල් මුණසිංහ මහතා පහර දුන් බවට පවසමින් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රීවරයකු පැමිණිලි කර ඇතැයි බෙලිඅත්ත පොලීසිය පවසයි. 18 July 2019
උණවටුනේදී අතුරුදන් වූ අනෙක් තරුණයාගේත් සිරුර හමුවෙයි උණවටුන රූමස්සල මුහුදේ සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී රළ පහරක් හේතුවෙන් මුහුදට වැටී අතුරුදන් ව සිටි අනෙක් තරුණයාගේ සිරුරද අද (18) සවස මිහිරිපැන්න වෙරළෙහි තිබියදී සොයාගත් බව හබරාදුව පොලීසිය කියයි. 18 July 2019
වැලිකන්දේ ගණිකා මධ්‍යස්ථානයක් වටලා 8 ක් අත්අඩංගුවට පොළොන්නරුව වැලිකන්ද සෙවනපිටිය සහ මහවැව ප්‍රදේශවල නීතිවිරෝධී ලෙස සම්බාහන ආයතන නමින් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි 8දෙනෙකු අද (18) අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි. 18 July 2019
වලවේ ගඟ වලේබොඩින් පිටාර ගලයි බලන්ගොඩ වලේබොඩ ඉහළ රක්ෂිතයේ ජල පෝෂක ප්‍රදේශවලට අද (18) දහවල් පැය දෙකක පමණ කාලයක් ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් වලේබොඩ ප්‍රදේශයෙන් පිටාර ගැලීය. 18 July 2019
තංගල්ල නගරසබේ හිටපු සභාපතිවරයෙක් ලක්ෂ 6ක ආයුධ කට්ටලයක් වංචාකරලා කලක පටන් තංගල්ල නගරසභාවට අයත් ගිනි නිවීම් ඒකකයේ රුපියල් හය ලක්ෂ හැටනවදහසක් වටිනා ආයුධ කට්ටලයක් අතුරුදන්වීමට චෝදනා ලැබූ හිටපු සභාපතිවරයකු මේ වනතෙක් එම උපකරණ නැවත නීත්‍යනුකූලව බාර දී නැතැයි එහි සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි මහතා පවසයි. 18 July 2019
ලක්ෂපාන පොකුරු ජලාශයේ වාන් දොරටු විවර කෙරේ මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර පෝෂක ප්‍රදේශවලට අද (18) අලුයම සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන පොකුරු ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 3 බැගින් අද(18) දහවල් විවර කළ බව විදුලි බලමණ්ඩලය පවසයි. 18 July 2019
මීරිගම ප්‍රා.සබේ වාර්තාව පිළිගැනීමට රහස් ඡන්දයක් මීරිගම ප්‍රාදේශීය සභාවේ සභා වාර්තාවක් පිළිගැනීම සදහා ප්‍රථම වරට එම සභාවේදී අද (18) පැවැති රහස් ඡන්දයකදී විපක්ෂයේ මන්තී‍්‍රවරුන් 6 දෙනෙකුගේ සහාය ඇතිව පාලක පොදු ජන පෙරමුණ වැඩි ඡන්ද 15 කින් ජයග්‍රහණය කළේය. 18 July 2019
කිතුල්ගල මල්වත්ත මාර්ගයේ කොටසක් නාය යයි අධික වර්ෂාවත් සමඟ (18) කිතුල්ගල මල්වත්ත මාර්ගයේ මල්වත්ත ප්‍රදේශයේ දී මාර්ගයේ කොටසක් නාය ගොස් ඇති බව කිතුල්ගල පොලිසිය පවසයි. 18 July 2019
පාසල් ගොඩනැගිල්ලක් නැතිකමින් ගස් යට අකුරු කරන දරුවෝ අම්පාර දිස්ත්‍රික්කයේ මහානාගපුර තක්ෂිලා විදුහලට ගොඩනැගිල්ලක් නොමැති බැවින් සිසුහු 100 ක් පමණ ගස් යට අකුරු කරමින් සිටිති. 18 July 2019
නීතිවිරෝධී දුම්වැටි 1200 ක් සමඟ අයෙක් අත්අඩංගුවට විදේශයක සිට ආනයනය කරන ලද නීතිවිරෝධී දුම්වැටි 1200 ක් සමග පුද්ගලයෙක් ගිනිගත්හේන පොලීසිය විසින් කළුගල පොලිස් මාර්ග බාධකයේ දී අද (18) අත්අඩංගුවට ගනු ලැබීය. 18 July 2019
වගා ළිඳකට වැටී පුද්ගලයකු මරුට බලන්ගොඩ, මුල්ගම ප්‍රදේශයේ වගා ළිඳකට වැටි පුද්ගලයකු අද (18) අලුයම මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 18 July 2019
ශිල්ප සේනා ප්‍රදර්ශනය හෙට ඇරඹේ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය - ශිල්ප සේනා වැඩසටහනේ පළමු ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී හෙට (18) පෙරවරු 10.00 ට ආරම්භ වෙයි. 17 July 2019
වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය නොදක්වන බව ලංකා ගුරු සේවා සංගමය කියයි ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු වෘත්තීය සමිති 21 ක් හෙට (18) සහ අනිද්දා (19) පැවැත්වීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය නොදෙන බව ලංකා ගුරු සේවා සංගමයේ දකුණු පළාත් ලේකම් සුනිල් ගමගේ මහතා අද (17) ගාල්ලේදී පැවසීය. 17 July 2019
වියළි කාලගුණය හේතුවෙන් පුත්තලමේ ලුණු අස්වැන්න සරුවෙයි පවතින වියළි කාලගුණ තත්වයට පුත්තලමේ ලුණු අස්වැන්න සරු වී ඇති බව පුත්තලම ලුණු සුභසාධක සංගමය කියයි. 17 July 2019
රන්මාලයක් පැහැරගැනීමට ගිය අයෙක් පොලිස් දැලේ ගාල්ලේ රිච්මන්ඩ් කන්දේ වෙළඳසැලකට අද රාත්‍රී යතුරු පැදියකින් පැමිණ සිගරට් ගන්නා මුවාවෙන් ඇතුළු වූ තිදෙනෙකු ගල්කටස් වර්ගයේ අවියක් පෙන්වා වෙළඳසැල හිමි කාන්තාවගේ ගෙල බැඳි රන්මාලය පැහැරගෙන යාමට සූදානම් වී තිබේ. 17 July 2019
නීතිවිරෝධීව ගණිකා වෘත්තියේ යෙදුණු චීන - රුසියානු කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ නීතිවිරෝධී ලෙස ගණිකා වෘත්තියේ යෙදී සිටි චීන සහ රුසියානු ජාතික කාන්තාවන් තිදෙනෙක් බම්බලපිටිය ප්‍රදේශයේ දී අද (17) ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන සහ බුද්ධි ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා පැවසීය. 17 July 2019
උතුරේ කජු වතු සංවර්ධනයට පියවර උතුරු පළාතේ පවතින කජු වතු සංවර්ධනය කර පළාතේ ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය පියවර ගැනීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා අද (17) ශ්‍රී ලංකා කජු සංස්ථාව වෙත උපදෙස් ලබා ඇත. 17 July 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025