IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


පාසල් ගොඩනැගිල්ලක් නැතිකමින් ගස් යට අකුරු කරන දරුවෝ

(වසන්ත චන්ද්‍රපාල)
 

අම්පාර දිස්ත්‍රික්කයේ මහානාගපුර තක්ෂිලා විදුහලට ගොඩනැගිල්ලක් නොමැති බැවින් සිසුහු 100 ක්  පමණ ගස් යට අකුරු කරමින් සිටිති.
 
පසුගිය රජය මගින් ආරම්භ කරන ලද පාසැල් 1000 ව්‍යාපෘතිය යටතට අම්පාර මහානාගපුර මහා විදුහලද ඇතුළත් කර තිබූ අතර ඒ අනුව එම විදුහලේ බලාංශ පන්ති ඉවත් කිරීමට කටයුතු කෙරිණි. පසුව මව්පියවරු එක්ව අධ්‍යපාන බලධාරින්ගේ සහය ඇතිව එම විදුහල ආසන්නයේ තාක්ෂිලා ප්‍රාථමික විදුහල නමින් ප්‍රාථමික විදුහලක් ආරම්භ කළහ.
 
මුල් අවධියේ මෙම ප්‍රාථමික අංශය, මහානාගපුර මහා විදුහලේ ගොඩනැගිල්ලක පැවැත්විණි. එම විදුහලට පන්ති කාමරවලට මෙම ගොඩනැගිල්ල අවශ්‍ය වීම හේතුවෙන් පන්ති කාමර තුනක් ඉන් ඉවත් කර ගස් යට පැවත්වීමට ගුරුවරුන්ට  සිදුවිය.
 
 තක්ෂිලා විදුහල සඳහා පන්ති කාමර හතරක ගොඩනැගිල්ලක් ඉදිකිරීම 2017 වසරේ ආරම්භ කළද එය තවම අවසන් කිරීමට නොහැකි වූ බව මව්පියවරු පැවසූහ.
 
දැනට පවතින දැඩි නියං තත්වය සමඟ මෙම ස්ථානයේ උගැන්වීමට ගුරුවරුන්ට අපහසු වී තිබේ. ගස්වල සිටින දිමියන්, දළඹුවන් ළමුන්ගේ ශරීරවලට වැටෙන අතර දරුවන් රැකගැනීම සඳහා දෙමව්පියන්ට පාසැලේ රැඳී සිටීමටද සිදුව තිබේ. මේ හේතුවෙන් දරුවන්ට නිසි අයුරින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි වී ඇතැයි ඔවුහු කීහ.
 
අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ල කොන්ත්‍රාත්කරුට නිසි වේලාවට ඉදිකිරීමට නොහැකි වූ හෙයින් මේ තත්වය උදාවී ඇති බවද, මේ වෙනවිට ගොඩනැගිල්ලේ වැඩ අවසන් වෙමින් පවතින බවද,  මීළග පාසැල් වාරයේදී දරුවන්ට නව ගොඩනැගිල්ලේ අධ්‍යයන කටයුතු කිරීමට හැකි බවද නව ගොඩනැගිල්ලට පාසැල රැගෙන ගියත් තවත් එක් පන්ති කාමරයක් අඩු අතර ඒ සඳහා තාවාකාලික ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු කරන බවද මේ පිළිබඳව අදහස් දක්වමින් අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක විමලසේන මද්දුම ආරච්චි මහතා පැවසීය.



අදහස් (1)

පාසල් ගොඩනැගිල්ලක් නැතිකමින් ගස් යට අකුරු කරන දරුවෝ

sugath premalal Thursday, 18 July 2019 07:43 AM

හරිම ශෝර්චනියි. කොළොඹ පාසල් වලට ටැබ් දෙන්න යෝජනා ස්තිර කරගන්නවා... සමහර දුෂ්කර පළාත් වල අහිංසක ළමයි අව්වෙ වේලි වේලි අකුරු කරනවා..... වගකිව යුත්තෝ කවදද මේවට පිලියමක් කරන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32379 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14887 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 381 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1308 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site