(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව - කටුබැද්ද හන්දියේදී අද(19) අලුයම වෑන් රථ දෙකක් එකිනෙක ගැටී අසළ ආපනශාලාවකට කඩා වැදීම හේතුවෙන් අයෙකු මියගොස් තවත් හත්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරටුව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මතුගම හේනේගම පදිංචිව සිටි සෝමදාස නමැති 63 හැවිරිදි අයෙකි.
කොළඹ සිට පැමිණෙමින් තිබූ වෑන් රථයක් හා පානදුර සිට පැමිණි වෑන් රථයක් මෙලෙස එකිනෙක ගැටී ඇත.
අනතුරින් වෑන් රථවල රියදුරන් දෙදෙනා ද තුවාල ලබා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd