IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කිතුල්ගල මල්වත්ත මාර්ගයේ කොටසක් නාය යයි

(අංජුල නිශාන්ත)

අධික වර්ෂාවත් සමඟ (18)  කිතුල්ගල මල්වත්ත මාර්ගයේ මල්වත්ත ප්‍රදේශයේ දී මාර්ගයේ කොටසක් නාය ගොස් ඇති බව කිතුල්ගල පොලිසිය පවසයි.

මේ තත්වය හේතුවෙන් දුනුකදෙනිය, තෙබුවත්ත, වැල්ගාල, අම්පාන, මැද්දවත්ත, පරත්තල, මල්වත්ත ප්‍රදේශවල පදිංචි පවුල් 500 කට අධික සංඛ්‍යාවක් දැඩි දුෂ්කරතාවයට පත් වී ඇත.

කිතුල්ගල  මල්වත්ත මාර්ගය මීට වසර කීපයකට පෙර කාපට් අතුරා සංවර්ධනය කර ඇති අතර  එහිදි විධිමත් ලෙස මාර්ගයේ පැති බැමි හා කාණු පද්ධතිය විධිමත් ලෙස ඉදි නොකිරීම මාර්ගය නායයෑමට හේතුව බව ගම්වැසියෝ චෝදනා කරති.

මේ පිළිබදව අදහස් දක්වන කිතුල්ගල මල්වත්ත ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඒ ආර් සමරවීර මහතා මෙසේ කීය.

"මාර්ගය කොටසක් නායයෑම හේතුවෙන් දැනට කුඩා වාහන පමණක් ධාවනය කිරීමට හැකියාව තිබෙන අතර මෙම ස්ථානය ඉක්මණින් ප්‍රතිංස්කරණය නොකළහොත් මාර්ගයේ තවත් කොටසක් නායයෑමේ අවදානමක් පවතිනවා. එම නිසා බළධාරින්ගෙන් ඉල්ලා සිටිනවා මාර්ගයේ නාය යෑමට ලක් වූ කොටස කඩිනමින් සංවර්ධනය කරන ලෙසට."



අදහස් (0)

කිතුල්ගල මල්වත්ත මාර්ගයේ කොටසක් නාය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site