IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


මුහුණු පොතේ ස‍ටහනකට රිමාන්ඩ් කර සිටි සැකකරුට ඇප

(ඔගස්ටින් ප්‍රනාන්දු)       
      
ජාතීන් අතර ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් මුහුණුපොතෙහි පළකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි සිටි ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ පනහ බැගින් ශරීර ඇප තුනක් මත මුදාහැරි හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා වැඩිදුර නඩු විභාගය ලබන වසරේ මාර්තු මස 6 වන දින කැඳවීමට අද (19) නියම කළේය. 

තවද සැකකරුට විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය බාරයේ තබා ගැනීමට නියම කළේය.

හලාවත තේක්ක වත්ත ප්‍රදේශයේ පදිංචි හලාවත කඩ විදියේ රෙදිපිලි වෙළද ආයතනයක් පවත්වා ගෙන යන  අබ්දුල් හමීඩ් මොහොමඩ් හස්වර් (35) නමැති අයව ඇප මත මුදාහැරිණි. 

හලාවත නගරයේ දි ඉකුත් මැයි (12) දහවල් ඇතිවු කලබලකාරි වතාවරණය නිර්මාණය වුයේ සැකකරු විසින් මුහුණ පොතකට එක් කර තිබු සටහනක් පදනම් කර ගෙන බවත් ඒ අනුව සැකකරු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය සදහන් කර තිබුණි.  

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ හා හදිසි නිති රෙගුලාසි යටතේ සැකකරුට විරුද්ධව චෝදනා නගා තිබුණි. 

සැකකරුට එරෙහිව පැමිණිල්ල හලාවත පොලිසිය ඉදිරිපත් කළ අතර  සැකකරු වෙනුවෙන් නීතිඥ පායිස් සාලි, නීතිඥ මොහොමඩ් නලින්, නීතිඥ දිලාන් සේනාරත්න යන මහත්වරු පෙනී සිටියහ.  



අදහස් (0)

මුහුණු පොතේ ස‍ටහනකට රිමාන්ඩ් කර සිටි සැකකරුට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32379 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14886 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 381 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1308 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site