(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු වෘත්තීය සමිති 21 ක් හෙට (18) සහ අනිද්දා (19) පැවැත්වීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය නොදෙන බව ලංකා ගුරු සේවා සංගමයේ දකුණු පළාත් ලේකම් සුනිල් ගමගේ මහතා අද (17) ගාල්ලේදී පැවසීය.
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිපයක් මුල්කර ගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකරන බවට ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ඉකුත් 10 දා අනුරාධපුයේදී කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඒ මහත් මේ බව සඳහන් කළේය.
ඒ අනුව මෙම ක්‍රියා මාර්ගයට සහාය නොදක්වන ගුරු සංගම් අතර ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, ප්‍රගති ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ජාතික අධ්‍යාපන සේවා සංගමය යන ගුරු සංගම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය නොදක්වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවයේ පවතින සියළුම වැටුප් විෂමතා ඇතිවුනේ 2006 වර්ෂයේ නිකුත්කල රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2206 හා එයට සිදුකල සංශෝධන නිසා කියල අබමල් රේණවක් තරමටවත් මොළයක් තිබෙන පන්දමට පත්වීම් නොගත් ඕනෑම කෙනෙකුටනම් තේරෙනවා.