IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


බාල වයස්කාර දැරියට අතවර අයෙක් පහර දී ඝාතනය කරයි

(කාංචන කුමාර ආරියදාස)

බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපරාධයක් සිදුකර පොලිසියෙන් සැඟවී සිටි පුද්ගලයකු අද (19) කිසියම් පිරිසක් විසින් දැරිය දූෂණය කළ ස්ථානයටම රැගෙන ගොස් පහර දී ඝාතනය කර ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිරියාගම පොලිස්බල ප්‍රදේශ දඹුලු හල්මිල්ලෑව හබරත්තාවල  ප්‍රදේශයේ පදිංචි ඩී. එම්. දසනායක (50) පුද්ගලයෙකි.

දඹුලු හල්මිල්ලෑව හබරත්තාවල  ප්‍රදේශයේ දරුවන් පස් දෙනෙකුගෙන් යුත් ඉතා අසරණව සිටින පවුලක 10 හැවිරිදි දැරියක මෙම පුද්ගලයා විසින් රවටා ගෙන  පසුගිය දිනක ඔහුගේම වම්බටු හේනක රැගෙන ගොස් මෙම අපරාධය සිදු කර තිබෙන බව දෙමව්පියන් ගල්කිරියාගම පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ 10 හැවිරිදි මෙම දැරිය අපයෝජනයට ලක්කර ඔහුගේම තවත් මිතුරකුට මෙම දැරිය අපයෝජනයට ලබාදී තිබෙන බවත්  ඒ අනුව එම පුද්ගලයා ද  ප්‍රදේශයේම පදිංචිකරුවකු බවත් ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන බව පොලීසිය පවසයි.

සැකකරුගේ ඝාතනය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (5)

බාල වයස්කාර දැරියට අතවර අයෙක් පහර දී ඝාතනය කරයි

ravi Friday, 19 July 2019 07:08 AM

එල්ලුම්ගහ ක්‍රියාත්මක වෙනකම් බලාගෙන ඉන්නවට වැඩිය හුඟක් හොඳයි.

:       0       9

nihal Friday, 19 July 2019 08:09 AM

ඔන්න රටේ ජනාධිපති කෙනෙක් නැතිකොට, රටේ අගමැති කෙනෙක් නැතිකොට, රටේ පොලිස්පතිකෙනෙක් නැතිකොට, රටේ නීතියක් නැතිකොට, රටේ මිනිස්සු නීතිය අතට ගත්ත අවස්ථාවක් මේක, මෙය දුර යන්න පෙර දුපත් නීතිය ගෙනෙන්න පෙර පොලිසිය ශක්තිමත් කරන්න දැන්වත් නුවණ පහල වේවා සාදු සාදු සාදු

:       0       9

Raveendra Friday, 19 July 2019 08:30 AM

තව කෙනෙකුගේ ජිවිතයක් නැති කිරීමට අප කිසිවෙකුට අයිතියක් නොමැති නමුත් මෙවන් අයෙක්ට දිය යුතු දඩුවම නම් ඒකාට ලැබී ඇති බව පැහැදිලිය. මෙවන්නන්" සුදු කබා කාරයන්ගේ ගොන් තර්කවලින් " බේරීමේ හැකියාවද වැඩිය. එසේ බේරි නොගියත් අහිංසක පුරවැසියන්ගේ දුප්පත් මුදල් වලින් මොවුන් නඩත්තු කිරීමටද සිදුවෙනු ඇත. එමගින් ඔවුන්ද මොවුන්ව නඩත්තු කිරීමට දායකවීමෙන් සුළුවෙන් හෝ පව්පුරෝවා නොගන්නේද ??? මෙම පාපකර්මයට සම්බන්ද අනිකුත් පාදඩයන්ටද ඇඩ්රස් නැතිවෙන්නම අදාළ දෙය ලැබේවා....

:       0       12

saminda Friday, 19 July 2019 08:37 AM

අනුමත කරන්න බැහැ එත් මෙහෙමෙ කරන්නේ නැතුව බැහැ

:       0       13

Asanka Friday, 19 July 2019 08:43 AM

අන්න නියම දඩුවම ..රටේ නිතිය ගැන විශ්වාසයක් නැත්තටම නැති වුන තැන ඕක තමයි වෙන්නේ. දැන් ඉතින් අතවර කල එකා අත්අඩංගුවට ගන්න බැරිවුණා පොලිසිය ඉක්මනට මේ පලිගැනීම කල අයව කුඩු කරයි

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32379 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14886 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 381 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1308 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site