(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
උණවටුන රූමස්සල මුහුදේ සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටියදී රළ පහරක් හේතුවෙන් මුහුදට වැටී අතුරුදන් ව සිටි අනෙක් තරුණයාගේ සිරුරද අද (18) සවස මිහිරිපැන්න වෙරළෙහි තිබියදී සොයාගත් බව හබරාදුව පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ රවින්ද්‍ර ප්‍රසාද් නැමැති 21 හැවිරිදි තරුණයෙකි.
මියගිය අනෙක් තරුණයාගේ සිරුරද අද උණවටුන වෙරළට නුදුරුව මුහුදේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබිණි.
මෙම සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යැවූ බව පොලිසිය කියයි.
හබරාදුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මොලයක් නැති මෝඩයින්ට .. ස්මාර්ට් ෆෝන් .. භාවිතා කිරීම තහනම් කල යුතුයි .. මෙව්වා භාවිතයට ගත්ත දවසේ ඉඳල අදවෙනකන් ... මරණයට පත්වූ .. සංඛ්‍යාව ..???? කනගාටුයි .!