(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
පවතින වර්ෂා සහ තද සුළං හේතුවෙන් බලන්ගොඩ වේවැල්වත්ත හරහා රත්නපුර මාර්ගයට ගල් පෙරළිමේ සහ පස්කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර කාර්යාලයේ ඉංජිනේරු අබිත වනසුන්දර මහතා පැවසීය.
එම මාර්ගය භාවිතා කරන ජනතාව ඉතා කල්පනාකාරීව හා ප්‍රවේසමෙන් රිය පදවන ලෙස ඒ මහතා කීය.
මාර්ගයේ ගල්ලැල්ල සහ වේවැල්වත්ත අතර කොටසේ මාර්ගය ඉහළ තිබෙන ගල් සහ පස් කඳු මාර්ගයට පෙරලීමෙන් අවදානම් ඇති වී තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd