IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


මීරිගම ප්‍රා.සබේ වාර්තාව පිළිගැනීමට රහස් ඡන්දයක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
මීරිගම ප‍්‍රාදේශීය සභාවේ සභා වාර්තාවක්  පිළිගැනීම සදහා ප‍්‍රථම වරට එම සභාවේදී  අද (18) පැවැති රහස් ඡන්දයකදී විපක්ෂයේ මන්තී‍්‍රවරුන් 6 දෙනෙකුගේ සහාය ඇතිව පාලක පොදු ජන පෙරමුණ වැඩි ඡන්ද 15 කින් ජයග‍්‍රහණය කළේය.
 
සභාපති සරත් නන්දසිරි රණතුංග (පො.ජ.පෙ. ) මහතාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රධාන කාර්යාලීය ශ‍්‍රවණාගාරයේදී මාසික රැස්වීම පැවැත් විණි.  
 
පසුගිය මස 24 වැනි දින පවත්වනු ලැබූ මීරිගම ප‍්‍රාදේශීය සභාවේ විශේෂ මහා රැස්වීම පිළිබදව  මහා සභා රැස්වීමට ඉදිරිපත් කෙරුණු වාර්තාව පිළිගත නොහැකි එකක් බවට එක්සත් ජාතික පක්ෂයේ ධම්මික අත්තනායක මහතා සභාවට පැවසීය. 
 
එය සම්මත කිරීමට ඡන්දයක් යෝජනා කළ අවස්ථාවේ මනෝජ් පූර්ණිම බණ්ඩාර මහතා (පො.ජ.පෙ.)  ඒ සදහා රහස් ඡන්දයක් ඉල්ලා සිටියේය.
 
ඒ  අනුව යෝජනාව සම්බන්ධයෙන් පැවති රහස් ඡන්දයේදී යෝජනාව පිළිගත හැකි එකක් බවට ඡන්ද 30 ක් ලැබුනු අතර යෝජනාව පිළිගත  නොහැකි බවට ලැබුණු ඡන්ද ප‍්‍රමාණය 15 ක් පමණක් විය. එක් ඡන්දයක් අවලංගු කෙරිණි. නොපැමිණි මන්තී‍්‍රවරුන් ගණන 6 විය.
 
පොදුජන පෙරමුනේ නියෝජිතයන් 27 දෙනෙක් සභාව නියෝජනය කරන අතර අද ( 18 ) සභා රැස්වීමට පැමිණ සිටියේ ඔවුන් අතරින් මන්තී‍්‍රවරුන් 24 ක් පමණි. ඒ අනුව විපක්ෂයේ මන්තී‍්‍රවරුන් හය දෙනෙකු සභාපතිවරයාගේ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කර ඇති බව අනාවරණය විය.
 
එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍ර‍්‍රවරුන් 15 ක් ජනතා විමුක්තී පෙරමුණේ  හා ශී‍්‍ර ලංකා  නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරු සිව් දෙනා බැගින්ද ජාතික ජනතා පක්ෂයේ නියෝජිතවරු දෙදෙනෙක්ද සභාව නියොජනය කරති.



අදහස් (0)

මීරිගම ප්‍රා.සබේ වාර්තාව පිළිගැනීමට රහස් ඡන්දයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32379 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14887 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 381 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1308 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site