මතුගම සමෘද්ධි නිලධාරියා ඝාතනය කළ සැකකරු පොලිසියට කොටුවෙයි මතුගම උඩවෙල සමෘද්ධි සංවර්ධන නිලධාරියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර පලාගිය හිටපු නාවික හමුදා සෙබළා දින 27 කට පසු අද (23) අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි. 23 July 2019
සොෆා ගිවිසුම හකුලා ගන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක් සමාජවාදී ජනතා පෙරමුණ සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (23) පැවැත්විණි. 23 July 2019
කෘතිම ඇත් දළ ළඟ තබාගත් සැකකරුට ඇප ඉමදුව හව්පේ ප්‍රදේශයේදි මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ අත් අඩංගුවට ගන්නා ලද ඇත්දල හතර විවෘත අධිකරණයේදි කපා බැලු අවස්ථාවේ ඒවා කෘතිමව සාදන ලද ඇත් දළ බව අනාවරණය විමෙන් බන්ධනාගාරගත කර සිටි විත්තිකරුට එම ඇත්දල මුදාහැරිමට නියෝග කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ගල් කටස් වර්ගයේ ගිනි අවියක් තබා ගැනිමේ චෝදනාවට රුපියල් පන් දහසක දඩයක් අද (23) නියම කළේය. 23 July 2019
උපාධිධාරීන් 12,000 කට රැකියා අවස්ථා උපාධිධාරීන් 12,000 කට ලබන 30, 31 සහ අගෝස්තු 1 දා රැකියා ලබාදීමට රජය තීරණය කර තිබේ. 23 July 2019
නාගරික මන්ත්‍රී දෙපළට පහර දුන් අයියා - මලෝ රිමාන්ඩ් මංගල සාදයකදී රත්නපුර මහ නගර සභාවේ මන්ත්‍රීවරු දෙදෙනෙකුට පහරදී තුවාල සිදුකළ බවට සැකපිට රත්නපුර මහනගර සභාවේම සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ බව කුරුවිට පොලීසිය පවසයි. 23 July 2019
අනවසර පෞද්ගලික බස් සේවය නවත්වන්නැයි ඇල්පිටියේ විරෝධතාවක් බලපත්‍ර නොමැතිව අනවසරයෙන් මගි ප්‍රවාහන කටයුතු සිදුකරන පෞද්ගලික බස් රථ සේවය වහා නතර කරන ලෙස බලකරමින් අද (23) ඇල්පිටිය බස්නැවතුම්පොළ ඉදිරිපිටදි පුද්ගලික බස් රථ සේවකයින් හා හිමිකරුවන් පිරිසක් එක් වි විරෝධතාවයක නිරතවුහ. 23 July 2019
පානීය ජලය නොමැතිව මාතලේ පවුල් 15,132 පීඩාවට මේ දින වල පවතින කාළගුණික තත්වය හේතුවෙන් පානීය ජලය නොමැතිව මාතලේ දිස්ත්‍රික්යේ පවුල් 15132ක පුද්ගලයින් 53225 දෙනෙකු පිඩාවට පත්ව ඇතැයි මාතලේ දිස්ත්‍රික් අපදා කළමනාකාරණ මධ්‍යස්ථානය පවසයි. 23 July 2019
පාලිත නානයක්කාර කොළඹ නාගරික කොමසාරිස් ධූරයට ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබූ කොළඹ නාගරික කොමසාරිස් ධූරයට බස්නාහිර පළාත් පාලන කොමසාරිස් ලෙස කටයුතු කළ පාලිත නානයක්කාර මහතා පත්කර ඇත. 23 July 2019
විශ්වවිද්‍යාල සේවක ප්‍රජාවට අත් පත්‍රිකා බෙදයි ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීව සමිති 7 ක් එක්ව පිහිටුවා ගත් ජාතික විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මධ්‍යම කමිටුව මගින් අද 23 වැනිදා සියලු විශ්වවිද්‍යාල සේවක ප්‍රජාව දැනුවත් කරමින් අත්පත්‍රිකා දස දහසක් බෙදා හැරීමට පියවර ගත්හ. 23 July 2019
තේක්ක ගසේ උපවාස කළ කත බිමට බසී තමන් පදිංචිව සිටින මහවැලි අධිකාරියට අයත් ඉඩමට මෙතෙක් කලක් බලපත්‍රයක් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධතාව දැක්වීම පිණිස සිය ගෙවත්තේ අඩි 30 ක් පමණ උස තේක්ක ගසකට නැග උපවාසයක් ආරම්භ කළ කාන්තාව අද (23) දහවල් මහවැලි කාර්යාලයෙන් ලද කැදවීමක් මත ගසින් බිමට බැස උපවාසය අත් හළ බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි. 23 July 2019
පස්සර වැරැල්ලපතන වතුකම්කරුවෝ උද්ඝෝෂණයක පස්සර , වැරැල්ලපතන වතුයායේ වතු කම්කරුවන් අද (23) උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 23 July 2019
දෙබරු ඇන සිසුවියක් රෝහලේ දෙබරු ඇනීමකට ලක්වී පාසල් යමින් සිටි සිසුවියක් අද බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි. 23 July 2019
විශ්‍රාමික විදුහල්පතිගේ ගෙල කපා සැකකරු පලා යයි බලන්ගොඩ රාස්සගල මාර්ගයේ බුලත්ගම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වු පුද්ගලයකු එම නිවසේ සිටි විශ්‍රාමික විදුහල්පතිවරයකුගේ ගෙල කපා ඝාතනය කර අද (23) පලා ගොස් ඇති බව පොලිසිය පවසයි. 23 July 2019
පා පැදි සොරෙක් ගල්කිස්සෙන් අල්ලයි ගල්කිස්ස පොලිස් කොට්ඨාසය තුළ මාර්ගයන්වල හා නිවාසවල නවතා තිබෙන පා පැදි සොරාගන්නා ලද පුද්ගලයෙකු රුපියල් ලක්ෂ තුනකට අධික වටිනා පා පාදි 13 ක් සමඟ අද (23) ගල්කිස්ස අපරාධ විමර්ශණ ඒකකය මගින් සොයිසාපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 23 July 2019
දියේ ගිලී මියගිය සිසුවාගේ සිරුර පයාගල වෙරළට ගොඩ ගසයි කලුතර සාන්ත සෙබස්තියන් පාරේ වෙරළ තීරයේ දියනාමින් සිටියදී අතුරුදන් වූ 15 හැවිරිදි සිසුවාගේ මළ සිරුර පයාගල මග්ගොන වෙරළ තීරයේ ගල්පර අතරට ගොඩ ගසා තිබියදී අද (23) හමුවූ බව පයාගල පොලිසිය පවසයි. 23 July 2019
ත්‍රීරෝද රථයක් අනතුරට ලක්වී තිදරු මවක් මරුට තවලම බටහේන සිට පිටිගල දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් හතර කනුව වටවිට ඇළ පාලම අසලදී වේගය පාලනය කරගැනීමට නොහැකිව අද (22) අනතුරකට ලක්වීමෙන් තිදරු මවක් මියගොස් තවත් සිව් දෙනෙක් තුවාල ලබා කරාපිටිය සහ හිනිදුම රෝහල්වලට ඇතුළත් කර ඇත. 22 July 2019
බදුල්ල දිස්ත්‍රික්කයට බලපෑ සුළං හේතුවෙන් නිවාස 310 කට හානි බදුල්ල දිස්ත්‍රික්කයට බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන් අද (22) සවස් වන විට නිවාස 310 කට හානි සිදුවී ඇති බවත් පුද්ගලයින් 1100 කට අධික පිරිසක් පීඩාවට පත්වී ඇති බවත් බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 22 July 2019
යතුරු පැදියක් බස් රථයක ගැටී අයෙක් මරුට නවගත්තේගම කරුවලගස්වැව 17 කණුව මාර්ගයේ අද (22) සවස යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් සිවිල් ආරක්ෂකයෙක් මරණයට පත් වූ බව නවගත්තේගම පොලිසිය පවසයි. 22 July 2019
කැබ් රථයක ගැටීමෙන් කාන්තාවක් මරුට ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ කුරුදුවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් කැබ් රථයක ගැටීමෙන් වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී අද (22) පස්වරුවේ මියගොස් ඇති බව අක්මීමන පොලිසිය පවසයි. 22 July 2019
විල්පත්තු දිවියාගේ මරණය ගැන කඩිනම් වාර්තාවක් දෙන්නැයි නියෝග විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සැරිසරමින් සිටි දිවියකුගේ ශරීර කොටස්, පුක්කුලම ධීවර වාඩි අසළ වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධියට අදාළව, දිවියාගේ මරණය සම්බන්ධ වාර්තාවක් නොපමාව ලබා දෙන්නැයි පුත්තලම අතිරේක දිසා විනිසුරු ලහිරු එන්. සිල්වා මහතා ( 22 ) රජයේ රස පරික්ෂකවරයාට නියෝග කළේය. 22 July 2019
ඉඩම් බලපත්‍රයක් ඉල්ලා කාන්තාවක් ගසකට නගී ගිරාඳුරුකෝට්ටේ තෙල්දෙනියාය ප්‍රදේශයේ කාන්තාවක තම ගෙවත්තේ ගසකට නැගී අද (22) දහවල් කාලයේ සිට උපවාසයක් ආරම්භ කර ඇතැයි ගිරාදුරුකෝට්ටේ පොලිසිය පවසයි. 22 July 2019
ධීවරයන්ට හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක් ධීවර රැකියාව සඳහා යන සියලු ධීවරයින් වෙනුවෙන් හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක් ලබාදී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය. 22 July 2019
පානදුර උතුර පොලිසියේ 11කට මාරුවීම් පානදුර උතුර පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් හත්දෙනෙකු ඇතුළු නිලධාරීන් 11දෙනෙකුට අද(22) සිට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 22 July 2019
කන්දකැටිය ගොවීහු විරෝධතාවක ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා කන්දකැටිය වාරිමාර්ග කොට්ඨාසයට අයත් බදුලු ඔය ව්‍යාපාරයේ ගොවි එකමුතුව එක්ව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (22 ) කන්දැටිය, කඳපොත්තාව වෙල්යායේදී පැවැත්විණ. 22 July 2019
රිමාන්ඩ් බාරයේ සිටි උතුරු පළාත් සබේ හිටපු සභාපති ඇතුළු සැකකරුවන්ට ඇප අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරයාගේ නිවසට බෝම්බ ගසා රුපියල් ලක්ෂ 30 ට අධික දේපොළ අනර්ථයක් සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන මාසයකට ආසන්න කාලයක් රිමාන්ඩ් කර සිටි අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා අද (22) නියෝග කළේය. 22 July 2019
පොළොන්නරුවේ ගොවීන්ට වගාවට ඇති තරම් වතුර තියෙනවා‘ ජලය හිඟකමින් පොළොන්නරුවේ කිසිඳු කුඹුරක් විනාශ වී නොමැති බවත්, යල කන්නය සඳහා අවශ්‍ය තරම් ජලය ඇති බවත් පොළොන්නරුව කලාප වාරි මාර්ග අධ්‍යක්ෂක එස්. කේ. හේවගේ මහතා පවසයි. 22 July 2019
මාවනැල්ලේ ප්‍රා. සභාව උණුසුම් වෙයි මාවනැල්ලේ විශේෂ සභාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර අද (22) උණුසුම් වචන හුවමාරුවකින් පසුව ගැටුමක් ඇති විය. 22 July 2019
ගම්වැදුණු වන අලි 60ක් කැකිරාවේ වගාබිම් වනසති කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්කිරියාගම කලාගම ප්‍රදේශයේ වගාබිම් රැසකට වන අලින් 60ක පමණ කණ්ඩායමක් කඩාවැදී වගා විනාශ කර දමා ඇතැයි ගොවීහු කියති. 22 July 2019
පානදුර වෙරළ තීරයේ නාඳුනන මළසිරුරක් පානදුර ගුණානන්ද මාවතේ වෙරළ තීරයේ පොදු වැසිකිළිය අසළ වැටකෙයියා පඳුරු අතර තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී ඇතැයි පොලීසිය කියයි. 22 July 2019
උතුරු දුම්රියේ ගැටී තරුණයෙක් මරුට වවුනියාව මූන්රිමුරිප්පු ප්‍රදේශයේදී, යාපනය සිට කොළඹ බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් අද (22) උදෑසන තරුණයෙකු මිය ගොස් ඇති බවට වවුනියාව පොලීසිය පවසයි. 22 July 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025