(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ කුරුදුවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් කැබ් රථයක ගැටීමෙන් වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී අද (22) පස්වරුවේ මියගොස් ඇති බව අක්මීමන පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ඊ.කේ රාණි නැමැති 59 හැවිරිදි ගොනාමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
කැබ් රථය උඩුගම දෙස සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර මෙම කාන්තාව පාර හරහා ගමන් කිරීමට යාමේදී ඇය අද කැබ් රථයේ ගැටී ඇති බව පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වී ඇත.
අනතුරට අදාල කැබ් රථයේ රියදුරු අක්මීමන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd